කුරුණෑගලින් හිටපු ජනපතිට තිබූ 1,75000ක මනාප ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කතාවෙන් පසු 75,000ට බැස ඇතැයි ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක මහතා පැවසීය.
ඔහු මේ බව කීවේ පුරවැසි බලය සංවිධානය නුගේගොඩ සංවිධානය කර තිබූ රැස්වීමකට සහභාගී වෙමිනි.
දූෂණයට, මර්දනයට, පවුල් පාලනයට එරෙහිව ජනවාරි අටවැනි දින මෙරට බහුතර ඡන්දදායකයන් නිවැරදි තීන්දුවක් ගත් බවත් එහෙත් අද වනවිට නැවතත් ඒ අරමුණු වෙනුවෙන් සටන් කිරීමට සිදුවී ඇති බවත් ජනතාව ඇමතූ පුරවැසි බලය සංවිධානයේ නායකයන් ප්‍රකාශ කළේය.
එසේම එකම මහින්ද දෙපාරක් පරාජය කිරීමට සිදුවී ඇති බවද ඒ සඳහා මෙරට ජනතාව සූදානම් බවද ඔවුහු තවදුරටත් අවධාරණය කළහ.
“මේ මොහොතේ මෛත්‍රීපාල සිරිසේන ජනපති ආරක්ෂා කර ගැනීමේ වගකීමත් බුද්ධිමත් පුරවැසියන් ඉටු කළ යුතුයි. “යැයි ද ඔහු කීවේය.
ආචාර්ය දඹර අමිල හිමි, මහාචාර්ය සරත් විජේසූරිය, රාවය කර්තෘ කේ ඩබ්ලිව් ජනරංජන, ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, රංගන ශිල්පිනී දීපානී සිල්වා ඇතුළු පිරිසක් ද ඊට එක්වූහ.