• Fri. Feb 3rd, 2023

dayasiri jayasekara

සුපුරුදු ලෙසම මැතිවරණ සටන දැන් දැන් උණුසුම් අතට හැරී තිබෙනවා.මේ අතර වඩාත් කතා බහට ලක්වූයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකවරුන් වන මහින්ද රාජපක්ෂ හා දයාසිරි ජයසේකර අතර ඡන්ද සටන උණුසුම් අතට හැරී තිබීමයි.එය මනාව පැහැදිලි වූයේ, ඊයේ මාර්ගයක් පිළිසකර කරදෙන ලෙස ඉල්ලා කුරුණෑගල – මහනුවර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් ගෙනගිය විරෝධතාවය මහින්ද පාර්ශවයේ මැදිහත්වීම පවත්වන ලද්දක් වීම හා එහිදී වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මැදිහත් වී එම උණුසුම් තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කළ විට ඔහුට රැස්ව සිටි පිරිසගෙන් එල්ලවූයේ දැඩි විරෝධයක් වීම නිසාවෙනි.

කුරුණෑගල – මහනුවර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් පීලිකඩ මංසන්ධියේ ඊයේ මෙම විරෝධතාව පැවැත්වුණා.පැය දෙකකට ආසන්න කාලයක් පැවති විරෝධතාව හේතුවෙන් කුරුණෑගල – මහනුවර ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්ද පැවතුණා.විරෝධතාව පැවැත්වෙන අතරතුර එම ස්ථානයට පැමිණි වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැදිහත් වුවත් ප්‍රදේශවාසීන්ගෙන් ඊට එල්ලවූ දැඩි විරෝධයත් සමඟ හූ හඬ මධ්‍යයේ මහ ඇමතිවරයා එම ස්ථානයෙන් ඉවත්ව යනු ලැබුවා.

පසුව හෙළි වී ඇත්තේ වයඹ පළාත තුළ මහ ඇමති දයාසිරි ජයසේකරට ඇති ජනප්‍රසාදය අඩු කිරීමේ අරමුණින් මහින්ද පාර්ශවය මෙය සංවිධානය කරනු ලැබුවක් බවයි.දයාසිසිරි ජයසේකර මහ ඇමතිවරයා පසුගිය සමයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්කිරීමේ අරමුණින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබුවා.එය නොරිස්සු මහින්ද පාර්ශවය විවිධ ක්‍රම මගින් මහ ඇමති දයාසිරි ජයසේකර මහින්ද පාර්ශවයේම තබා ගනිමින් ඔහු මහින්දවාදියෙකු බව පෙන්වීමටද සුවිශාල උත්හයක් ගනු ලැබුවා.එහෙත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවයේ අයට අවශ්‍යය සහයෝගය ඔහු විසින් විවිධ අවස්ථාවන් වලදී ලබාදී තිබීම හෙළිවීම නිසා එයද ප්‍රයෝජනයට ගනිමින්,දයාසිරි ජයසේකරගේ ජනප්‍රියතාවය බිඳවැට්ටවීමටයි මහින්ද පාර්ශවය උත්සහගෙන තිබෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *