රුපියල් ලක්ෂ 05ක් වැනි මුදලකට පුද්ගලයෙකුන්ගේ වකුගඩු අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබද තොරතුරු රාශියක් හෙළිදරව් වී තිබෙනවා.
පසුගිය වර්ෂයේදීද කොළඹ අගනගරයේ පෞද්ගලික රෝහල් කිහිපයක් ආශ්‍රිතව ද මෙම මිනිස් අවයව ජාවාරමක් පිළිබද තොරතුරු හෙළිදරව් වූ අතර එය ඉන්දියාවේ පෞද්ගලික රෝහලක් හා විශේෂඥ වෛද්‍යවරයෙකු මූලිකව සිදුකළ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත අනාවරණය කොට සිටියේ.
කෙසේ නමුත් අදාළ චෝදනාවන් සියල්ල සත්‍ය යෙන් තොර බව දන්වා එම ඊට අදාළ සිද්ධිය යටපත් කිරීම එවක බලධාරීන් ක්‍රියාත්මක වූ අතර එහි අනුෂාංගික කොටස් මේ වනවිට මහනුවර හා මාතලේ ප්‍ර දේශ ආශ්‍රිතව පැතිර යන බවඅදාළ වාර්තා හෙළිදරව් කොට සිටී.
කෙසේ නමුත් මෙහි තොරතුරු රාශියක් ඉදිරි කාලයේදීද හෙළිදරව් කර ගැනීමට අදාළ නාලිකාවේ කණ්ඩායමක් ක්‍රියාත්මක වෙමින් පවතින බවද වාර්තාවේ.
මෙම ජාවාරමට වෛද්‍යවරුන් ග්‍රාම නිලධාරීන් මෙන්ම අධිකරණ පද්ධතියේ නිලධාරීන්ට සම්බන්ධ බවට තොරතුරු හෙළිවෙමින් පවතින බවද වාර්තාවේ.