• Tue. Feb 7th, 2023

mahinda rajapaksa

ඉදිරි මහ මැතිවරනයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය බහුතර බලයක් හිමිකරගත්තද හිටපු ජනපතිට අගමැති ධූරය හෝ කතානායක ධූරය දැරීමේ හැකියාවට නීතිමය බාධාවක් මතුව තිබෙනවා. ඒ 19 වන සංශෝධනයේ ඇතුලත් වගන්ති කිහිපයකට අනුවයි. ජනතාව විසින් ජනාධිපති ධුරයට දෙවරක් තෝරා පත් කොට ගනු ලබා ඇත්නම්, ජනාධිපති ලෙස තෝරා පත් කර ගැනීමට නුසුදුසුකමක් ලෙස දක්වා තිබු තිබු 92 :ඇ ව්‍යවස්ථාව 18 වන සංශෝධනයෙන් ඉවත් කළද 19 වන සංශෝධනයෙන් එම ව්‍යවස්ථාව එසේම නැවත යලි ව්‍යවස්ථාවට එක් කර තිබීමයි මෙම තත්ත්වයට හේතුවී ඇත්තේ. ඒ අනුව

වයස 30 ට අඩුවීම,
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමට නුසුදුසු වීම,
ජනතාව විසින් දෙවරක් ජනාධිපති ධුරයට තෝරාගෙන තිබීම,
දෝෂාභියෝගයකින් ඉවත්කළ ජනාධිපතිවරයෙකු වීම,
යන කරුණු 92 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයෙකු ලෙස තොරා පත් කර ගැනීමට නුසුදුසුකම් වේ.

ජනාධිපති ලෙස තෝරා පත් කර ගැනීමට නුසුදුස්සකු ජනාධිපති ධූරයේ වැඩ බැලීමටද නුසුදුස්සෙක් වීම අනිවාර්යයකි.

38(2), 40(2)(ඇ) වැනි ව්‍යවස්ථා අනුව ජනාධිපති ධූරයේ වැඩ බැලීම අගමැති හෝ කතානායක විසින් කළ යුතුයැයි පැහැදිලිවම දක්වා ඇත. එසේ නම් වැඩබලන ජනාධිපති තනතුරට පවා පත්වීමට ඉහත නීතිය අනුව නුසුදුසු භාවයට පත්ව සිටින මහින්ද රාජපක්ෂ මහතා අගමැති හෝ කතානායක තනතරු වලට පත් කළ නොහැකි ය. (ඒ ජනපති විදෙස් ගතවන්නේ නම් හෝ වෙනත් හේතුවක් මත එම ධූරයේ වැඩ බැලීම අගමැතිවරයාට පැවරෙන බැවිනි.)

තවද 40(1)(අ) ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව දක්වා ඇති පරිදි ජනාධිපති ධූරය කලින් හිස් වුවත් පාර්ලිමේන්තුව විසින් ජනාධිපති වරයා ලෙස තෝරා පත් කර ගත යුත්තේ එහි සිටින මන්ත්‍රීවරයන් අතුරින් ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගැනීමට සුදුසුකම් ඇති මන්ත්‍රීවරයකු මිස ජනාධිපති ලෙස තෝරා ගැනීමට නුසුදුසු මන්ත්‍රීවරයකු නොවන්නේය.

මේ අනුව මහින්ද රාජපක්ෂ නැවතත් ජනාධිපති පමණක් නොව අගමැති හෝ කතානායක වීමට ද දෙවනවර ජනාධිපති ලෙස තෝරා පත් කර ගත් 2010 සිට නුසුදුස්සකු වී ඇත.

ජනාධිපති වරයෙකුට නඩු පැවරිය නොහැකි අවස්ථා ව්‍යවස්ථාවේ 35(1)ව්‍යවස්ථාවේ දැක්වේ. එනම් ජනාධිපතිවරයා විසින් නිල තත්වයෙන් හෝ පෞද්ගලික තත්වයෙන් කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් නඩු පැවරිය නොහැක යන්නයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *