යම් වරදක් සිදු වන්නේ නම් ෆේස්බුක් වෙබ් අඩවියේ විවේචනය පළ කිරීමෙන් නොනැවතී තම වෙබ් අඩවිය ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කරන ලෙසත් මැතිවරණ කොමසාරිස්වරයා ෆේස්බුක් පාඨකයන්ගෙන් ඉල්ලීමක් කරනවා.
මේ සඳහා මැතිවරණ කොමසාරිස් කාර්යාලයට අදාළ වෙබ් අඩවියේ ‘tell the commissioner’ නමින් ස්ථානයක් වෙන් කර ඇත.
“යම් වරදක් වෙනවනම් ඒ සම්බන්ධයෙන් අපට පැමිණිලි කිරීමකින් තොරව, පොලිස්පතිවරයා නිදිද.? නැත්නම් මැතිවරණ කොමසාරිස්වරයා නිදිද.? කියල ෆේස්බුක් එකේ දාන්න එපා. අපට පැමිණිල්ල එවල අපි ක්රියා කලේ නැත්නම් අපෙන් අහන්න ඊට පස්සේ අපි පැමිණිල්ලක් එව්වා, ඒකට ගත්ත පියවර මොකක්ද කියල ” මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්රිය මහතා පැවසීය.