• Sat. Jan 28th, 2023

ආර් ප්‍රේමදාස පිටියේ සිද්ධිය බීමත් පුද්ගලයින් දෙදෙනෙකු අතර සිදු වූ ගැටුමක්

r premadasa stedium cricket fight

කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ පැවැත්වුණු ශ්‍රී ලංකා පාකිස්තානු දිවා රාත්‍රී ක්‍රිකට් තරඟය අතරතුර දී ඇති වූ නොසන්සුන් තත්ත්වයට හේතුව, බීමත් පුද්ගලයින් දෙදෙනෙකු අතර සිදු වූ ගැටුමක් ප්‍රේක්ෂකාගාරයේ දෙපිරිසක් අතර ගැටුමක් බවට වර්ධනය වීම බවයි පැවසෙන්නේ.

මෙහි දී ගල්මුල් සහ වීදුරු බෝතල් වීසිකරමින් එකිනෙකාට ප්‍රහාර එල්ල කරගැනීමක් සිදුව ඇති අතර එම ආසන්නයේ පන්දු රකිමින් සිටි පාකිස්තානු ක්‍රීඩකයෙකු ද ප්‍රහාරයට ලක්ව තුවාල ලබා ඇති බව වාර්තා වේ.

සිද්ධිය හේතුවෙන් තරඟය අතරමග නැවතූ අතර පසුව කැරළි මර්ධන ඒකක කැඳවා ගැටුමට සම්බන්ධ පිරිස් ඉවත් කර ඇති අතර පසුව ගත් තීරණයකට අනුව සියළුම ප්‍රේක්ෂකයින් පිටියෙන් ඉවත් කිරීම සිදු විය.

ඉන්පසුව නැවතත් තරඟය ආරම්භ කිරීමට තරඟ තීරකවරයා පියවර ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *