ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට යෝජිත විශේෂ දීමනාව ලබාදීමට පියවර ගන්නා ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආරක්ෂක ලේකම්වරයා වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
එම විශේෂ දීමනාව ලබානොදෙන බවට අද දිනයේ පුවත්පත්වල වාර්තා පල වී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩබලන අධ්යක්ෂ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පවසනවා.
කෙසේ වෙතත් සේනාධිනායකයා වශයෙන් ජනාධිපතිවරයා අදාළ දීමනාව ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබාදෙන ලෙසට උපදෙස් ලබාදී ඇති බව ඔහු සඳහන් කළේය.
ඒ අනුව මේ වන විට එම විශේෂ දීමනාව ලබාදීමට අදාළ ඉදිරි කටයුතු සිදුකරමින් පවතින බව බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.
