“මහින්ද රාජපක්ෂ මහතා 2005 ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කළේ එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් ලැබුණු සහයෝගයෙන් බවට අමාත්‍ය රාවුෆ් හකීම් මහතා දැඩිලෙස චෝදනා කරයි. රට පාවාදීම් ගැන දැන් නොයෙක් කතා කියන්ඩ පටන් අරන් තියනවා මම කියන්නම් කවුද ඇත්තටම අවස්ථාවාදී විදිහට කොටි සාමඟ ගිවිසුම් ගැහුවේ කියල.
එපමණක් නොව අමාත්‍යවරයා පවසන්නේ ඒ සදහා ඔවුන් එල්.ටී.ටී.ඊ. සංවිධානයට මුදල් පවා සැපයූ බවයි.
රාවුෆ් හකීම් අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ මහනුවර – හන්තාන – භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ පැවැති මැතිවරණ ප්රචාරක කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවකට සහබාගී වෙමිනි.
මීට පෙරද ටිරාන් අලස් මහතාද සක්ෂි සහිතව 2005 ජනාධිපතිවරණයේදී උතුරු පළාතේ ඡන්දය වර්ජනය කරන්න ලෙසට උතුරු පළාත් වැසියන්ට බලපෑම් කරන ලෙස මුදල් දුන් බව පවසා සිටියා.
එහි වීඩියෝ පහතින්,