ඊයේ(22) දින මහින්ද රාජපක්ෂ විසින් අකුරැස්සේ පැවති රැස්වීමට සහභාගී වීම සඳහා පැමිණි අවස්ථාවේ ඇතිවූ සිද්ධියක් හේතුවෙන් පැමිණ සිටි පාක්ෂිකයෙකුට පහර දීමට තැත්කරන ආකාරය සම්බන්ධයේ ශ්‍රීලංකාව තුල දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.
මේ තත්වය මත සන්ධාන නායකයින් ඊයේ දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට උපදෙස් ලබා දී ඇත්තේ මෙවන් ආකාරයෙන් කටයුතු කිරීමෙන් ජනතා විශ්වාසය පළුදු විය හැකි බවයි.මහින්ද රාජපක්ෂ වැනි ජනතා ආකර්ශනය වැඩි වශයෙන් ඇති නායකයෙක්ට මේ දේවල් වියහැකි බවත්, එහිදී ආරක්ෂකයින් ක්‍රියා කළ යුතු ආකාරය ගැන ඔවුන්ට විශේෂ පුහුණුවක් ලබා දීම පිළිබඳවත් මෙහිදී විශේෂ අවධානයක් යොමුකොට තිබෙනවා.