• Tue. Feb 7th, 2023

වත්මන් රජයේ 'සංහිඳියාව' දකුණේ ඇසින්.

BySandun

Jul 23, 2015

sa

පසුගිය වසර හයක කාලය තුල රට තුල සංහිඳියාවක් ගොඩ නැගීමේ නිසි වැඩ පිළිවෙලක් නො තිබූ බව නීතිඥ නිහාල් සුමනධීර පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ සියලු පුරවැසියන්ගේ උප්පැන්න සහතිකවල ජාතිය ශ්‍රී ලාංකික හැටියට ඇතුළත් කරන තෙක් සංහිඳියාවක් ගොඩ නැගිය නොහැකි බවයි.

ශ්‍රී ලංකාවේ තිස් අවුරුදු සිවිල් යුද්ධය නිම වීමෙන් අනතුරුව පසුගිය වසර හයක කාලය තුළ පෙරට යමින් ඇති ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ පිළිබඳව දකුණේ ජන මතය විමසා බැලීමේ සංචාරයකදීයි නීතිඥ නිහාල් සුමනධීර එම අදහස මතු කළේ. රට තුළ ජාතීන් අතර සංහිඳියාවක් ගොඩනැගීමට කාලය අවශ්‍ය බවත් නිතිඥ නිහාල් සුමනධිර අප සමඟ කියා සිටියේය.මෙම කාරණය සම්බන්ධයෙන් ඇති මහජන මතය විපරම් කරමින් අප සිදු කළ චාරිකාවේදී පෙනී ගිය කරුණක් වුණේ වසර තිහක යුද අත්දැකීම් දකුණේ බහුතර ජනතාවගේ මතකයෙන් කෙමෙන් ඈත් වෙමින් පවතින බවයි.බියෙන් සහ සැකයෙන් තොරව ජීවත් වීමට හැකි වාතාවරණයක් දැන් උදා වී ඇති බව අපට හමු වූ බහුතරයේ මතය විය.

නව බලාපොරොත්තු.

මේ අතර බීබීසියට අදහස් දැක්වූ සමාජ ක්‍රියාධරයකු වන හර්මන් කුමාර කියා සිටියේ, ‘ජාතීන් අතර සාමය සහ සංහිඳියාව ඇති කිරීම සඳහා කලින් බලයේ සිටි ආණ්ඩුව නිසි පියවර ගත් නමුත් වත්මන් රජය ගෙන යන වැඩ පිළිවෙළ කෙරෙහි බලාපොරොත්තු තැබිය හැකි’ බවයි.

බෞද්ධ භික්ෂූන් වහන්සේ කීප නමක් අප සමඟ අදහස් දක්වමින් කියා සිටියේ ‘යුද්ධය නිම වීමෙන් පසු ඇතැම් භික්ෂූන් අන්තවාදී ලෙස ක්‍රියා කළ අතර එය ජාතීන් අතර සංහිඳියාවට බාධාවක්’ වූ බවයි.
උතුරේ විහාරස්ථාන ආරම්භ කොට දමිළ දරුවන් පැවිදි කොට බෞද්ධ සම්ප්‍රදාය අනුව කටයුතු කළේ නම් එමගින් ජාතීන් දෙක අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ සමගිය වැදීමට හේතු වීමට ඉඩ තිබුණ බවයි නියෝජ්‍ය අධිකරණ ලේඛකාධිකාරී හල්පන්විල පාලිත නාහිමියන් ප්‍රකාශ කරන්නේ.

 

ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න
(උපුටා ගැනීම: බිබිසී සන්දේශය )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *