• Mon. Feb 6th, 2023

මහින්ද පාර්ශවය බොරු මානව හිමිකම් වාර්තාවක් පෙන්වා ඡන්ද ගැරීමේ සූදානමක්

 

යුද්ධය අවසන් කාලසීමාවේදී එල්.ටී.ටී.ඊයට එරෙහිව සිදු කළ යුද අපරාධ සම්බන්ධව මෙන්ම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කොමිසම සිදු කළ පරීක්ෂණ වාර්තාව ලෙස නැ‍ඟෙන පරිදි ව්‍යාජ වාර්තාවක් මැතිවරණ සමයේදී එළිදැක්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සමීප කණ්ඩායමක් ක්‍රියාකර ගෙන යන බවට තොරතුරු රජය වෙත බුද්ධි අංශ මඟින් වාර්තා කර තිබේ.

මැතිවරණය පැවැත්වෙන අගෝස්තු මාසයේ මුල් සතියේදී පමණ එළිදැක්වීමට නියමිත මෙම ව්‍යාජ වාර්තාව මඟින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළුව යුද හමුදාව ඇතුළුව ආරක්ෂක හමුදාවල ප්‍රධාන තනතුරු දැරූ නිලධාරීන් 50කට ආසන්න පිරිසකගේ නම් යුද අපරාධකරුවන් ලෙස සඳහන් කිරීම මෙම වාර්තාව සකස්කරන පිරිසගේ අදහසවී ඇතැයි හෙළිදරව් වී ඇත.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙකු ලෙස කටයුතු කරන හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ සටන සිංහල බෞද්ධ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ජාතිවාදී මුහුණුවරකින් සිදු කිරීම මෙම ව්‍යාජ වාර්තාව සකස් කිරීමේ මූලික පදනම වන බව පැවසේ. මෙම ව්‍යාජ වාර්තා මඟින් ජනතාවගේ ජාතිවාදී හැඟීම් අවුලුවාලීම මඟින් හමුදා පවුල්වල ආකර්ෂණය ලබා ගැනීම තුළින් වැඩිම මනාව සංඛ්‍යාවක් ලබා ගැනීම පරමාර්ථය වී ඇති අතර එයට හේතුවී ඇත්තේ පසුගිය යුද සමයේදී වැඩිම ආරක්ෂක හමුදා සාමාජිකයින් පිරිසක් එකතු වූ දිස්ත්‍රික්කය ලෙස කුරුණෑගල මැනවින් සැලකිල්ලට ලක් කිරීමෙන් බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි. ඉදිරියේදී නැ‍ඟෙනහිර මුස්ලිම් කලාපයක් බිහි කිරීම ‍මෙන්ම දෙමළ සහ මුස්ලිම් විරෝධී ආකල්පයකින් මෙම මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමට සැලසුම් කිරීමට ද නියමිතව ඇතැයි එම බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

 

(දිනමිණ)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *