• Sat. Jan 28th, 2023

mahinda rajapaksa 3

පසුගිය ජනපතිවරණ වේදිකාවකදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා තමා රාක්ෂයෙකු බව පිළිගත්තා.
ඒ “නොදන්න දේවදූතයාට වඩා දන්නා රාක්ෂයා හොඳ බව පවසමින්.එමෙන්ම ඔහුගේ නොසරුප් වදන් හමුවේ ජනතාව දැඩි කලකිරීමකට පත්වූ බව නොරහසක්. ඔහු සමග ජනාධිපතිවරණයේදී තරඟ වදින ප්‍රධන පොදු අපේක්ෂකයා ඔහුගේම රජයේ හිටපු ඇමතිවරයෙක් බව සහ ඔහුගේම පක්ෂයේ මහලේකම්වරයා බව ගැනවත් නොසිතා දේශපාලන බල ක්‍රීඩාවේ අසික්කිත පැතිකඩ මොනවට විහිදුවමින්,තමාත් දරුවන් තිදෙනෙකුගේ පියෙකු බව නොසිතා පොදු අපේක්ෂකවරයාගේ දරුවන්ටත් ඉතාම පහත් ආකාරයෙන් චෝදනා එල්ලකරමින් සටනක යෙදුන මහින්ද රාජපක්ෂම තමා රාක්ෂයෙක් බව පිළිගැනීම ජනතාවට අරුමයක් වූයේ නැති බව ජනපතිවරණ ප්‍රථිපල වලින් මනාව පැහැදිලි වුණා.

එමෙන්ම ඊයේ දිනයේ තමා හොරෙක් බවත් මහින්ද රාජපක්ෂ ජනතාව හමුවේ පවසා සිටියා.ජනාධිපතිවරණ පරාජයෙන් පසු පැවති විවිධ උත්සව වලදී, තමා වැරදිකරුවන් ආරක්ෂා කළ බවත්,ඔවුනට රැකවරණය සැලසූ බවත් මහින්ද රාජපක්ෂ දිගින් දිගටම කියා සිටි කරුණක්.ඒ පිළිබඳව ජනතාවගෙන් සමාව අයැද සිටින බවත් ඔහු කියා සිටියත් දූෂණ චෝදනා එල්ලවී අල්ලස් කොමිසමෙන් කැඳවීමක් ලැබෙන විට ඔහුගේ සහචරයන් යොදාගෙන අධිකරණ නියෝගද නොතකා,නීතිය කුණු බක්කියට දමමින් උද්ගෝෂණ පවත්වා චෝදනාවලින් නිදහස් වීමට ඔහු දැරූ ප්‍රයත්නය ගැන මේ රටේ නීතියට ගරු කරන සියලු දෙනා තුල ඉමහත් කලකිරීමක් ඇතිවූ බවද මනාව පිළිඹිබු වුණා. මීට පෙර වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාට නොසරුප්වදන් වලින් බැණ වැදීමෙන් පසු එය සාධාරණියකරනය සඳහා හිටපු අධ්‍යාපන ඇමති හා ගුරුවරයෙකු වු බන්දුල ගුණවර්ධන අසාර්ථක උත්සහයක් ගත් බව ඔබට මතක ඇති.ඊයේ මහින්ද රාජපක්ෂ ක්‍රියාකලේද, මීට නොදෙවෙනි ආකාරයෙන් බව එය නැරඹූ ඕනෑම අයෙකුට අවබෝධ කරගැනීම අමාරු කාර්යයක් නොවනු ඇත.

 

මේ ලෝකය තුළ ඉදිරිය ගැන හරියාකාරවම තීරණය කළ නොහැකි දේවල් කාලයේ සළකුණු මගින් අපට අවබෝධ කරගත හැකිය.පසුගිය ජනාධිපතිවරණ කාල සීමාවේදී මහින්ද රාජපක්ෂගේ ක්‍රියාකලාපය හා බද්ධ වූ ඔහුගේ වචන මගින් අපට යම් පණිවිඩයක් ලැබිණි.එමෙන්ම මෙම කාලය තුළත් මහින්ද අකුරැස්ස රැළියේදී ක්‍රියාත්මක වුනු ආකාරය හා ඉන් පසු ඊයේ දිනයේ ඔහු සිදුකළ මෙම ප්‍රකාශ තුලින් යම් පණිවිඩයක් අපට ස්වභාවධර්මයා විසින්ම ලබාදෙන බව නම් නිශ්චිත කරුණකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *