දැනට අසනීපව රෝහල් ගතවී සිටින ප්‍රවීන වයලීන් වාදක රුවන් වීරසේකර මහතාට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය මුදල් සොයාගැනීම සඳහා පසුගියදා විශේෂ ප්‍රසංගයක් මහරගම තරුණ සේවා සභාවේ පවත්වන ලදී.”රුවන් වෙනුවෙන්” යන තේමාවෙන් පවත්වන ලද මෙමෙ ප්‍රසංගය ඉන්දික ජයතිලක මහතා හා මහේෂ් දෙනිපිටිය යන මහත්වරුන් විසින් සංවිධානය කර තිබිනි.
මෙහිදී එක් විශේෂිත සිදුවීමක් සිදුවිය එනම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂිත නියෝජිතයකු එම ස්ථානයට පැමිණ රුවන් වීරසේකර මහතාගේ මවට රුපියල් ලක්ෂ පහක විශේෂ අධාරයක් සිදුකිරීමයි.
ජනතාවට සුලු උපකාරයක් කළත් සියලු විද්‍යුත්,මුද්‍රිත මාධ්‍ය පිරිවරා හුදෙක් තම ජනප්‍රියකම පසුපස යන මෙවන් දේශපාලන වටපිටාවක, සියලු මාධ්‍යයන්ගෙන් වසන් කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හුදු ජනප්‍රියත්වය නොසලකමින් සිදු කල ක්‍රියාව කලාවට අලැදි ජනතාවගේ ප්රසංශාවට භාජනය විය.
I observed he has great qualities. Much better than empty posh qualities.