• Fri. Jan 27th, 2023

හමුදා අංක යෙදූ වෑන් රියේ වීරකුමාරගේ පෝස්ටර්

weerakumara

යුද හමුදා අංක තහඩු යොදා පෝස්ටර් තොගයක් ප‍්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් කැබිතිගොල්ලෑව ප‍්‍රදේශයේ දී පොලිසිය ඊයේ(24)අලූ‍යම 2.20ට පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

යුද හමුදාවේ භාවිතාකරන රථවාහන වලට ලබා දෙන අංක තහඩුවක් ව්‍යජ ලෙස භාවිතා කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු නියෝජ්‍ය ඇමැති වීරකුමාර දිසානායක මහතාගේ අංකය සහිත පෝස්ටර් 4000ක පමණ තොගයක් නිති විරෝධිලෙස ප‍්‍රවාහනය කළ රියක් සැකකරුවන් දෙදෙනෙකු සමඟ එසේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ පෙරවරුවේ මොවුන් අත්අඩංගුවට ගත් බව පවසන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසන්නේ සැකකරුවන් ව්‍යාජ අංකයක් යොදාගෙන ඇත්තේ එම පෝස්ටර්වල සඳහන් වීරකුමාර දිසානායක මහතාගේ උපදෙස් මත යැයි සැකකරන බවයි. මේ සම්බන්ධව ඔහුගෙන් ද ප‍්‍රකාශයක් ලබාගැනීමට පොලිසිය අපේක්ෂා කරයි.

ඊයේ 24 අලූ‍යම මාර්ග සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරින් පිරිසක් අදාළ රථය පිරිස ඇටඹගස්කඩ ප‍්‍රදේශයේ දී පරික්ෂාවට ලක්කරද්දී එහි යුද හමුදා අංක තහඩුවක් තිබෙන අයුරු දැක තිබේ.ඒ අනුව එය පරික්ෂාවට ලක්කරද්දී එහි නියම අංක තහඩුව වු භක්‍ ඡුඹ 4279ට උඩින් යුහ අංක19139 සවි කැර තිබු බව පොලිසිය සදහන් කෙළේ.

පෝස්ටර් ‍ප‍්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් අනුරාධපුර පුරවසම්කුලම් ප‍්‍රදේශයේ පදිංචි කරුවන් දෙදෙනෙකි .

මොවුන් මැතිවරණය වෙනුවෙන් පෝස්ටර් බෙදා හැරීම හා ප‍්‍රදර්ශනය සඳහා මේවා රැුගෙන යමින් සිටි බවට අණාවරණය වී ඇත.

පෝස්ටර් 2600ක් පමණ මොවුන් මේ වෑන් රථයෙන් රැුගෙන යමින් සිටියදී මෙසේ අත්අඩංගුවට ගත් බව කැබිතිගොල්ලෑව පොලිසිය සඳහන් කරයි.

සැකකරුවන් හා පෝස්ටර් තොගය පිළිබඳ තොරතුරු හෙළි කැර ගැනීම සඳහා විශේෂ පරීක්ෂණයක් අරඹා ඇති අතර යුද හමුදාවේ බවට ප‍්‍රදර්ශනය කරමින් කටයුතු කෙළේ කුමන හේතුවක් මතද යන්න පිළිබඳ සැක මතුව ඇතැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි .

මේ පිළිබඳ යුද හමුදා මූලස්ථානය සඳහන් කෙළේ මේ රථය හෝ එහි ගමන් කළ පුද්ගලයන් දෙදෙනා යුද හමුදාවට කිසිදු සම්බන්ධයක් නැති බවය.සිද්ධිය පිළිබඳ කැබිතිගොල්ලෑව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *