මිරිහාන ප්‍රදේශයේ දී පොලිසියට හසුවූ සුදුවෑන් රිය පිළිබඳ අමාත්‍ය එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන – දඹුලු ගම්උදා භූමියේ පැවති මැතිවරණ ප්රචාරක රැළියක දී අදහස් ප්‍රකාශ කළා. හෙතෙම සඳහන් කරන්නේ ගිනි අවියක් සහිතව සුදු වෑන් රථය පැමිණ ඇත්තේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට අනතුරක් කිරීමට බවට තොරතුරු ඇති බවයි.
සිවිල් ඇඳුමින් සැරසී පිස්තෝලයක්ද රැගෙන ගමන් කරමින් සිටි හමුදා සෙබලූන් තුන්දෙනෙකු සමග නුගේගොඩ – මිරිහාන ප්‍රදේශයේදී සැකකටයුතු වෑන් රථය සොයා ගත්තේ පසුගිය 20 වනදායි.
සන්ධානයේ හිටපු ප්‍රබලයන් දෙදෙනකුද පිළිබඳවද මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව අමාත්‍ය එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන පවසනවා.
(හිරු නිව්ස්)