පසුගිය රාජපක්ෂ පාලනය තුළ සිදුවු දුෂණ අක්‍රමිකතා සෙවීමට ආරම්භකළ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට ලැබී ඇති පැමිණිලි විභාගකරමින් පවතින අතර මැතිවරණය අවසන් වු වහාම අදාල පැමිණිලි වෙනුවෙන් නඩු පැවරීමට අදාල සාක්ෂි ගොනුකර තැබීමට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය සුදානම් වේ.
එම පැමිණිලිවලින් චෝදනා ලැබුවන් කිසිවෙක් මහ මැතිවරණය අවසන් වන තුරු අත්අඩංගුවට නොගැනීමට එම කොට්ඨාශය තීරණය කර ඇතිබවත් වාර්තා වෙනවා.අත්අඩංගුවට ගැනීමට නියමිත අය අතර පැවති මහින්ද රාජපක්ෂ පාලන සමයේ කටයුතු කළ ප්‍රබලම පුද්ගලයන් කිහිප දෙනෙකුම සිටින බවත් වාර්තා වේ.