• Mon. Jan 30th, 2023

maithripala sirisena maladiwain

මාලදිවයිනේ පනස්වැනි නිදහස් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද මාලේ අගනුවරට ගියේය. නිදහස් උළෙල අද රාත්‍රී 8.30ට ආරම්භ වීමට නියමිතව තිබිණි.
බ්‍රිතාන්‍යයේ සුල්තාන්වරයකුගේ පාලනය යටතේ තිබුණු මාලදිවයින නිදහස ලැබූයේ 1965 වර්ෂයේ දී ය.
ඉන්දියන් සාගරයේ ශ්‍රි ලංකාවට කිලෝ මීටර 700ක් පමණ දුරින් පිහිටි මාලදිවයින දූපත් 1192 කින් සමන්විත රාජ්‍යයකි. ලෝකයේ රටවල් අතිරින් මුහුදු මට්ටමින් වඩාත් පහතින් පිහිටි රටක් ලෙස හැඳින්වේ.
එරට ජනගහනය ලක්ෂ 30කි. මාලදිවයින් ජාතික ගීය නිර්මාණය කළේ, ශ්‍රී ලාංකේය අග්‍රගන්‍ය සංගීතවේදී පණ්ඩිත් ඩබ්ලිව්.ඩී.අමරදේවයන් විසිනි. මාලදිවයිනේ රාජ්‍ය භාෂාව වන දිවෙහි බස සිංහල භාෂාවට බොහෝ සෙයින් සමානය.
මාලදිවයිනේ දී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් හමුදා උත්තමාචාරයක් ද පැවැත්විණි. අනතුරුව එරට ජනාධිපති කාර්යාලයේ දී ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමින් අබ්දුල්ලා ගයුම් අතර හමුවක් ද පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *