“මේ ආණ්ඩුව මොකක්ද මේ කරන්නෙ. මේවායින් හොයන සල්ලි කොහාටද යන්නේ. ඒ නිසා මම ඉල්ලනවා අපි අත්වැල් බැඳගමු.වයස 18 සිට 25 දක්වා අයට රුපියල් 5,000 ගාණේ දෙනවා. මේක වයස 30 කරන්න බලාපොරොත්තු වෙනවා. යම්කිසි වෘත්තියකට අධ්‍යාපනය ලබන්න. විශ්වවිද්‍යාලයේ සිසුවන්ට මහපොළ 6,000 දක්වා වැඩි කරනවා. ඒ අය රැකියාවක් කරනකම් මාස ගණනක ණයක් දෙන්නට සූදානම් කරනවා.
මේ වගේ රැකියා අවස්ථාවන් බිහි කරලා පෞද්ගලික අංශයේ පඩි රුපියල් 3,000ක් වැඩි කරනවා. අපි දරුවන්ට කොරියන් භාෂාව, ජපන් භාෂාව, ප්‍රංශ භාෂාව, ඉංගී්රසි භාෂාව ඉගැන්නුවා. ලංකාවේ රැකියා අවස්ථාවලට අපි වැඩපිළිවෙළ සකස් කළා.
මම ගෙවල් දෙනවා, අලූතෙන් බඳින ජෝඩුවලටත් අලූතෙන් ගෙවල් දෙනවා.අලූතෙන් බඳින ජෝඩුවලට ලක්ෂ 2ක් දෙනවා ගනින් කියලා ඕන දේවල්. බඳින්න ඉන්නවා නම් දැම්ම බඳින්න එපා. මැතිවරණයෙන් පස්සෙ බඳින්න. තරුණයන් ගැන අපේ තියෙන ශක්තිය මේකයි. අපි ලෝකය දිනන්න ඕන.
මම කිව්වා රජයේ සේවකයකුට අවම පඩිය රුපියල් 25,000 කරනවා කියලා. වකුගඩු රෝගී අය පිළිකා රෝගී අය, ආණ්ඩුවෙන් බලාගන්න ඕන කියන එක මගේ බලාපොරොත්තුව. රාජ්‍ය සේවකයාට අපි ගෞරව කරන්න ඕන. අද රාජ්‍ය සේවකයා පැත්තකට දාලා. බැසිල් රාජපක්ෂ මහත්තයා හිරේ දාලා දේශපාලනය කරලා.
බෙලිඅත්ත ප්‍රදේශයේ පැවැති ජනහමුවකදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ තම අදහස් පළ කළේය.