විභාග ප්‍රශ්න කලින් පිටවීම වළක්වනවා වෙනුවට උසස් පෙළ විභාගයට සතියකට පෙර උපකාරක පන්ති පැවැත්වීම, දේශන, සම්මන්ත්රණ හා වැඩමුළු පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීම විභාග දෙපාර්තමේන්තුවේ නොහැකියාව වසන් කිරීමක් බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේක්ම ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
බන්දුල ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍යධුරය දැරූ සමයේ විභාග ප්‍රශ්න කළින් පිටවීම වැළැක්වීමට දෙපාර්තමේන්තුවේ ක්‍රියාපටිපාටිය ආරක්ෂාකාරීව ශක්තිමත් කරනවා වෙනුවට ඇරඹූ මෙම ක්රමවේදයම විභාග කොමසාරිස්වරයා මෙවරද ක්‍රියාත්මක කිරීම බලවත් ගැටලුවක් යැයි ඒ මහතා සඳහන් කරයි.
අතීසාරයට අමුඩ ගැසීමක් වැනි මෙම අමනෝඥ ක්‍රියාවෙන් පැහැදිලි වන්නේ විභාග දෙපාර්තමේන්තුව තවදුරටත් ජාතික විභාගවල විශ්වාසනීයත්වය තහවුරු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගන්නා බව යැයිද ස්ටාලින් මහතා පෙන්වා දෙයි.
මෙවැනි අමනෝඥ හා හාස්‍ය දනවන ක්‍රියාවන් මගින් ශිෂ්‍යත්ව හා උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට සිදු කරන හිංසාව වහාම නතර කරන ලෙසත්, හිටපු ඇමැතිවරයාගේ අත්තනෝමතික තීරණය නැවත නැවත ක්‍රියාත්මක ක්‍රමවේදය වළක්වන ලෙසත්, ජාතික විභාගවල විශ්වසනීයත්වය ඇති කිරීමේ ක්‍රියා පිළිවෙතක් සකසන ලෙසත් ලංකා ගුරු සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
[…] විභාග දෙපාර්තුමේන්තුව අතීසාරයට අමුඩ … […]