• Fri. Feb 3rd, 2023

raniland sobitha himi

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ඒ ඓතිහාසික ගිවිසුම අද උදේ පදනම් ආයතනයේදී අත්සන් කෙරිණ. පුරවැසි සංවිධාන වෘත්තීය සමිති එකමුතුව සමග යහපාලනය සඳහා එක්සත් ජාතික පෙරමුණ යනුවෙන් සඳහන් විශාල බැනරයක් පසුබිමෙහි ඒ ඓතිහාසික ගිවිසුම අත්සන් කෙරිණ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ සිවිල් සංවිධාන, වෘත්තීය සංවිධාන, ඡන්දය නොඉල්ලන දේශපාලන පක්ෂ ඇතුලු 100 ක් සංවිධාන සමග අත්සන් කළ ගිවිසුම පළමුවෙන්ම අත්සන් කෙරුණේ රනිල් වික්‍රමසිංහ මහතා සහ සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ නායක මාදුලුවාවේ සෝභිත හිමිපාණන් සමගය.

ඉන්පසුව වෘත්තීය සමිති එකමුතුවේ සමන් රත්නප්‍රිය මහතාද අත්සන් කෙළේය. පසුව සංවිධාන සියයක නායකයෝ අත්සන් තැබූහ. මේ අවස්ථාවේදී සමන් රත්නප්‍රිය මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතාද පැමිණ සිටි පිරිස ඇමතූ අතර ශ්‍රීලනිපයෙන් රාජිත සේනාරත්න, ජාතික හෙළ උරුමයෙන් චම්පික රණවක කරු ජයසූරිය කොමියුනිස්ට් පක්ෂයෙන් රාජා උස්වැටකෙයියාව සමසමාජ පක්ෂයෙන් ලාල් විජේනායක ආදී එක්සත් ජාතික පෙරමුණු නායක කාරකාදීන්ද සහභාගී වී සිටියහ.

ඉතිහාසයේ මෙතෙක් කාලයක් ඡන්දයකින් බලයට පත්වූ ආණ්ඩු බලයට පත්වීමෙන් පසුව තමන්ට ඡන්දය දුන් ජනතාව වෙනුවෙන් කිසිදු නෛතික හෝ සදාචාරාත්මක බැඳීමකට ලක් නොවූ නමුත් මෙකී ඓතිහාසික ගිවිසුම අනුව ආණ්ඩුව ඡන්දයෙන් පසුවත් ඡන්දය දුන් සිවිල් ජනතාව සමග නෛතික වශයෙන්ද සදාචාරාත්මක වශයෙන්ද බැඳීමකට ලක්වනු ඇත.

UNF-signed-MOU-with-100-orgs1 UNF-signed-MOU-with-100-orgs2 UNF-signed-MOU-with-100-orgs3 UNF-signed-MOU-with-100-orgs4

Leave a Reply

Your email address will not be published. Required fields are marked *