රගර් ක්රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය රිය අනතුරකින් සිදුනොවූවක් බවත් එය ඝාතනයක් බවත් රහස් පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්රාත් නිශාන්ත පීරිස් මහතා හමුවේ සඳහන් කර තිබෙනවා.
මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ මෙම ඝාතනය හා සම්බන්ධ බවට සැකයක් පවතින බව මීට පෙර පොලිසිය කියා සිටියේය.
ඔහුගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී දත් කඩා, ඉළ ඇට බිඳ, පාදයේ කලවා පෙදෙසේ අස්ථි බිඳ, උල් ආයුධයකින් බෙල්ලට ඇන, මොට ආයුධයකින් පහරදී මරණයට පත් කර ඇති බවට කරුණු හෙළිවී ඇතැයි රහස් පොලිසිය උසාවියට කරුණු දක්වමින් සඳහන් කළේය.
වැල්ලවත්ත මුරුගන් පාරේ පදිංචිව සිටි තාජුඩීන් නාරාහේන්පිට ශාලිකා ක්රීඩාංගණය අසලදී 2012 වසරේ මැයි 16 වැනිදා ඔහු ගමන් කළ මෝටර් රථය ගිනි ගැනීමෙන් මිය ගොස් සිටි බව එකල වාර්තාවිය. 2012 මැයි 17 වැනිදා ඔහුගේ සිරුර කාරය තුළ තිබී සොයාගන්නා විට දැවී අඟුරුවී තිබූ බව පොලිසිය පැවසීය.
නඩු විභාගය අද දිනයේත් පැවැත්වේ.

royal eke ponna wesige puthekge wadak.. royal eke inneth kolu kareyone… refarete salli deela match dinne cabaret kollone…