• Thu. Feb 2nd, 2023

මුබාරක් කුඩු රජෙක් කියා දැනගෙනම ප්‍රභූ ආරක්ෂාව දීලා

mubarak and gotabaya

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධානියා වූ මොහොමඩ් මුබාරක් මොහොමඩ් මුජයිඩ් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බව දැනගෙනම මෙරට ප්‍රභූවරුන්ගෙන් ඔහුට ආරක්ෂාව ලැබී ඇති බව අනාවරණය වී තිබෙනවා.

මොහොමඩ් මුබාරක් මොහොමඩ් මුත්යිඩ් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු හෙළිකර ගැනීම සඳහා මෙරට මත්ද්‍රව්‍ය නාශක අංශය සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය බුද්ධි අංශ ඔහු ලුහුබඳිමින් ආවේෂණ මෙහෙයුම් ආරම්භ කර ඇත්තේ 2002 වසරේ බව මත්ද්‍රව්‍ය නාශක අංශ තොරතුරු වලින් හෙළි වී තිබෙන බැව් වාර්තා වෙනවා.

මෙරට සිදු වූ එම ආවේෂණ මෙහෙයුම් ආරම්භ වී තිබුණේ 2002 රනිල් ව්ක්‍රමසිංහ ආණ්ඩුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය මතය.එම මෙහෙයුම් පිළිබඳව විටින් විට ආරක්ෂක ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් සතියක් පාසා පැවැත්වෙන ආරක්ෂක කවුන්සලවලදීද කතා බහට ලක් වී තිබුණි.

මොහොමඩ් මුජයිඩ් පිටුපස එවැනි ආරක්ෂක මෙහෙයුමක් සිදුවෙන බව දැනගෙනම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මොහු සමඟ සමීප හිතවත්කමක් පවත්වා තිබේ.

එම හිතවත්භාවය මත මොහු විසින් අධ්‍යක්ෂණය කරන ලද සෙල්වම් චිත්‍රපටයේ මුහුරත් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස ගෝඨාභය රාජපක්ෂ සහ අනෝමා රාජපක්ෂ එම උළෙලට සහභාගී වී ඇත්තේ 2011 වසරේදීය.

මොහොමඩ් මුජයිඩ් විසින් කරන ලද ආරාධනය කිසිදු පැකිලීමකින් තොරව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ ආකාරයෙන් පිළිගෙන ඇත්තේ මෙරට මත්ද්‍රව්‍ය නාශක අංශය ඔහු පසුපස ආවේෂණ මෙහෙයුම්වල යෙදී සිටියදීම බව අනාවරණය වෙයි.

දැනට මත්කුඩු සමඟ අත්අඩංගුවට ගෙන මරණ දඬුවම නියම වී සිර භාරයේ සිටින කුඩු සියාම් විවාහ වි සිටින්නේ මෙම ජාත්‍යන්තර කුඩු ජාවාරම්කරු වූ මොහොමඩ් මුජයිඩ්ගේ සොයුරිය සමඟ වෙයි.

මීට වසර කිහිපයකට පෙර කුඩු සියාම්ට ජනාධිපති සමාව ලැබීමට යන බවට මාධ්‍ය වාර්තා පවා පළ විය.

ගෝඨාභය රාජපක්ෂට අමතර විනයාගමුර්ති මුරලිදරන් ඇතුළු දේශපාලනඥයන් සහ මෙරට කලාකරුවන් සහ කලාකාරියන් රැසක් සමඟද මොහොමඩ් මුජයිඩ් සබඳකම් පවත්වා ඇත්තේ ජාත්‍යන්තර කුඩු ජාලයේ ප්‍රධානියා ලෙස මෙරට සහ ලෝකයේ තවත් රටවල් 15කට වැඩි ප්‍රමාණයකට මත්කුඩු බෙදාහැරීම් කටයුතු සිදු කරමින් සිටියදීය. මොහොඩම් මුජයිඩ්ගේ ඡායාරූප සහ ඔහු සමඟ ඔහුගේ මෙරට ප්‍රධාන ඒජන්තවරයා අහමඩ් සබ්රි නජුමුදීන්ගේ පෞද්ගලික ලැප්ටොප්හි ඇතුළත්ව තිබියදී ඔහු අත්අඩංගුවට පත්වීමත් සමඟ ඔහුගේ බිරිඳ එය පුළුස්සා දමා තිබේ.

එහෙත් එහි අඩංගු සියලු තොරතුරු මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක ඉංජිනේරු සිසුන් විසින් අනාවරණය කරගෙන ඇත.

මොහොමඩ් මුජයිඩ් මත්කුඩු ජාවාරමට සම්බන්ධ බවට ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මක කරන ආයතනයක් විසින් හෙළිකර ගැනීමත් සමඟ ඔහු වැඩි සබඳතාවයක් ලංකාව සමඟ පවත්වන බව හෙළිකර ගැනීමෙන් අනතුරුව මෙරට සිදු කෙරෙන පරීක්ෂණවලට ඔවුන්ගේ ඔත්තුකරුගේ සහාය ලැබීමත් සමඟ සියලු තොරතුරු හෙළිවිය.

මොහොමඩ් මුජයිඩ් මලයාසියාවේ ඉහළම ප්‍රභූ ජීවිතයක් ගත කරන අතර ඔහු අත්අඩංගුවට ගැනීමට හැකි තරම් තොරතුරු හෙළිකරගෙන ඇත්තේ මෙරට මත්ද්‍රව්‍ය නාශක අංශයයි.

මේ වන විට ඔහු අත්අඩංගුවට ගැනීමේ විවෘත වරෙන්තුව සමඟ රතු නිවේදනය එරට පොලිසියට ලැබී ඇත.

මොහු මෙතෙක් කල් සඟවාගෙන සිටි හෙරොයින් ජාවාරමේ ජාත්‍යන්තර තොරතුරු ඔහු අත්අඩංගුවට ගැනීමත් සමඟ හෙළිකරගත හැකි බව මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි.

මහින්ද පුම්බන්න සෙල්වම් හැදුවෙත් ලෝක කුඩ්ඩාගේ සල්ලිවලින්.

20111126_01IMG13

ලෝක කුඩු ව්‍යාපාරික මොහොමඩ් මුජයිඩ් පිළිබඳ හෙළිදරව්වීමත් සමඟ ඔහු හා රාජපක්ෂ පවුලේ ඇති සමිප සම්බන්ධතා ‍රැසක් මේවන විට අනාවරණය වෙමින් පවතී.

ලක්ෂ්මන් හුළුගල්ලේ විසින් මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ වෙත හදුන්වාදී ඇති මෙම ලෝක කුඩු රජා ඉන් අනතුරුව තම මුදල් බොහෝ තැන්හි ආයෝජනය කිරීමට කැමැති බවදක්වා ඇත.

ඒ අනුව මහින්ද පිම්ඹීමේ අරමුණින් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට ගෝඨාභය රාජපක්ෂට අවශ්‍ය වූ අතර ඒ සදහා රාජපක්ෂවරුන් ගුණවර්ණාවේ කප්පිත්තෙකු වූ සංජය ලීලාරත්න තෝරාගත් අතර ඒ වනවිට චිත්‍රපටයක් නිෂ්පාදනයට අධ්‍යක්ෂණයට අරලියගහ මන්දිරයෙන් අවසර ලබාගත යුතුව තිබූ අතර සෙල්වම් නිෂ්පාදනය සදහා ලීලාරත්නට ඉතා ලෙහෙසි පහසු වූයේ ඔහු ඒ වනවිටත් අරලියගහ මන්දිරයේ බත් භුදින්නෙකු වී සිටි හෙයිනි.

කෙසේ නමුත් සෙල්වම් නිෂ්පාදනය සදහා අති දැවැන්ත මුදලක් වැය වන බවට වන සැලසුම් සකස් කොට දුන් සංජය ලීලාරත්න එම මුදල ලෝක කුඩු ව්‍යාපාරික මොහොමඩ් මුජයිඩ් ගෙන් ලබාගැනීම සදහා ගෝඨාභය රාජපක්ෂ උදව් කළේය.
ඒ අනුව කුඩුමුදලින් නිෂ්පාදනය වූ එම චිත්‍රපටය යුද්ධය තේමාකොටගෙන මහින්ද රාජපක්ෂගේ ජාතිවාදී දේශපාලන ව්‍යුහයට සරිලන ලෙස නිෂ්පාදනය කොට දීමට සංජය කටයුතු කරනු ලැබීය.

මෙම චිත්‍රපටය සදහා විදෙස් සම්මාන කිහිපයක් ලැබුනු අතර එම සම්මාන ලැබිම සදහා එම චිත්‍රපටයේ නම අදාළ සම්මාන නිර්දේශයන් වෙත ඉදිරිපත් කිරීමටද මොහොමඩ් මුජයිඩ්ගේ මුදල් යොදවනු ලැබීය. ඒ අනුව මැලෙෂියාවේදී “UDC Best Asian Film Award 2011” සම්මානය මෙම චිත්‍රපටයට හිමි වූ අතර එම වර්ෂයේදීම හොදම ව්‍යවසායකයාට අයත් සම්මානය අදාළ ජාත්‍යන්තර කුඩු ඒජන්ත මොහොමඩ් මුජයිඩ්ට ලබාදිමද සිදුවිය.

ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයෙක් ලෙස ඉන් අනතුරුව මොහු විවිධ ආයතන හා ව්‍යාපෘති සදහා මුදල් ආයෝජනය කරනු ලැබූ අතර එම අවසරයෙන් තම කුඩු ව්‍යාපාරය යස රගට ලංකාව තුළ කරගෙන යාමට ඔහුට අවසර ලැබී තිබිනි. පසුගිය කාලයේ තොග පිටින් අසුවූ කුඩු අත්අඩංගුවට ගත්තත් එහි නියම අයිතිකරුවා කවුරුන්ද යන්න පිළිබද අනාවරණය කරනු නොලැබිය.
මේ වනවිට මෙම කුඩු ව්‍යාපාරිකයාගේ සම්බන්ධතා හා මත් කුඩු ජාවාරම් ජාලය හෙළිදරව් කොටගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර පොලීසිය කටයුතු කරමින් පවතී.

මෙම හෙළිදරව්වත් සමග රාජපක්ෂවරු භය භිරාන්තව සිටින බවටද තොරතුරු අනාවරණය වේ.

සෙල්වම් චිත්‍රපටයේ මුහුරුත් උළෙල රාජපක්ෂවරුන්ගේ ආශිර්වාදය ඇතිව සිදුවූ ආකාරය

(උපුටා ගැනීම : ඉන්ඩිපෙන්ඩන්ට්)

20111126_01IMG1 20111126_01IMG2 20111126_01IMG5 20111126_01IMG7 20111126_01IMG8 20111126_01IMG10

Leave a Reply

Your email address will not be published. Required fields are marked *