කොටහේන බ්ලුමැන්ඩල් ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව ඇති අතර අමාත්‍ය රවී කරුණානායකගේ ආධාරකරුවන් පිරිසකට මෙලෙස වෙඩි තබා ඇත. දහදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් වාර්තා වනවා.
මෙහිදී ඉලක්කය වී ඇත්තේ අමාත්‍යය රවී කරුණනායක මහතා බවත් වැඩි දුරටත් වාර්තා වෙනවා.
කොටහේන බෙනඩික් විදුහල් ක්‍රීඩාංගණය ඉදිරිපිට ප්‍රධාන පාරේදී කළු පැහැති අංක තහඩු නොමැති හයිබ්‍රිඩ් වර්ගයේ කාර් රථයකින් පැමිණි සිව්දෙනකු එක්වරම පාර හරස්වන ලෙස නවතා ටී 56 වර්ගයේ ගිනි අවි 4කින් එළියට බැස අත් පත්‍රිකා බෙදමින් ගිය 250 ක් 300 ක් පමණ පිරිස දෙසට වෙඩි ප්‍රහාර එල්ල කර ඇතැයි කියති.
රවී කරුණානායක මහතා ඇතුළු පිරිසක් අත් පත්‍රිකා බෙදමින් මැතිවරණ කටයුතු වල යෙදී සිටි අවස්ථාවේදී රවී කරුණානායක මහතා කොටහේන දෙසට ගොස් ඇති බවත් අනෙක් පිරිස පත්‍රිකා බෙදමින් බ්ලූමැන්ඩල් මාර්ගය දිගේ ආමර් වීදිය දෙසට පැමිණි බවත් එහි සිටි අය කියති. එසේ පැමිණි පිරිසට වෙඩි ප්‍රහාරය එල්ලවී ඇත.
වෙඩි තැබීමෙන් පසු තුවාල ලැබූ පිරිස් එම ස්ථානයේ ඇද වැටුණු බවත් ඔවුන් රෝහල්ගත කළ බවත් රෝහල් ගත කළ එක් කාන්තාවක් මිය ගිය බවත් රෝහල් ආරංචි පවසයි.
වෙඩි තැබූ පිරිස පළා ගොස් ඇති බවත් කියති.