• Fri. Feb 3rd, 2023

keheliya rabukwella m

හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල අනතුරකට ලක්ව විදේශගතව ප්‍රතිකාර ලැබූ කාලයේදී ඔහුට ලබාගත නොහැකි වූ ඉන්ධන දිමනාව වශයෙන් රුපියල් ලක්ෂ එකොළහකට අධික මුදලක් වංචාකාරී ලෙස රජයෙන් ලබාගෙන තිබෙනවා.රජයෙන් ඉන්ධන දීමනාව ලබන මැති ඇමැතිවරුන් හෝ වෙනත් රාජ්‍ය නිලධාරීන් විදේශගත වූ අවස්ථාවක ඔවුන්ට කිසිසේත් ඉන්ධන දීමනාව හිමි නොවෙන අතර,එහෙත් කෙහෙළිය රඹුක්වැල්ල හිටපු ඇමැතිවරයා අනතුරට ලක්වී විදේශගතව සිටි කාලයේදී රුපියල් එකොළොස් ලක්ෂ හතළිස්හයදහස් තුන්සිය හැත්තෑපහක මුදලක් ලබාගෙන ඇත.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා 2012 ජනවාරි 29 වැනි දින සිට 2012 මැයි මස 25 වැනිදා දක්වා දිවයිනෙන් බැහැරව සිට ඇත. එම කාලය තුළ පාර්ලිමේන්තුවට නොපමිණීමේ අවසරය 2012/03/06 වැනි දින පාර්ලිමේන්තු සභානායකවරයා වෙත ලිපියක් ඉදිරිපත් කරමින් ඉල්ලා තිබේ.ඒ අනුව සභානායකවරයා 2012 මාර්තු 22 සිට මාස තුනක කාලයක් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී නොවී සිටීමට කෙහෙළිය රඹුක්වැල්ලට අවසරය ලබාදී ඇත.

එසේ නීත්‍යානුකූලව අවසරය ලබා තිබියදී කෙහෙළිය රඹුක්වැල්ල මෙරට සිටින කෙනෙකුට හිමි ආකාරයෙන් ඉන්ධන දීමනාව ලබාගැනීම වංචාවක් බව රාජ්‍ය විගණනය පෙන්වා දෙයි.

රඹුක්වැල්ල මහතා විදෙස්ගතව සිටියදී  ඇමැතිවරයාගේ කාර්ය මණ්ඩලය විවිධ රාජකාරීවල යෙදුණු බව පවසා ඇමැතිවරයාගේ පෞද්ගලික ලේකම් බ්‍රිගේඩියර් ජයවර්ධන මහතා ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ‍ලිපියක් යවමින් එම ඉන්ධන දීමනා ලබාදෙන ලෙසට ඉල්ලීමක් කර ඇත.

රජයේ මැති ඇමැතිවරුන්ගේ විදුලි බිල රජයෙන් ගෙවනු ලබන අතර 2014 මාර්තු මාසයේ කෙහෙළිය ඇමැතිවරයාගේ නිව‍සේ විදුලි බිල දෙලක්ෂ දහතුන්දහස් තුන්සිය පනස් පහක් වශයෙන් ගෙවා තිබේ.

මීට අමතරව කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල නිවසේ සිටි බව කියන කිනිතුල්ලන් මර්දනය කිරීමට තලවතුගොඩ ප්‍රදේශයේ ආයතනයක් වෙත රුපියල් හැත්තැඅටදහසක්ද රජයේ මුදලින් ගෙවා ඇති බව බිල්පත් ලිපි ලේඛන සහිතව අනාවරණය වෙයි.

ඇමැතිවරයා අනතුරකට ලක්ව රෝගාතුරව විදෙස්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී එම ප්‍රතිකාර කටයුතු සඳහා ජනාධිපති අරමුදල රුපියල් එක්කෝටි අසූලක්ෂයක් පමණ ගෙවා තිබියදී ඇමැතිවරයා එසේ හිමිනැති ඉන්ධන දීමනාද ලබාගෙන ඇතැයි අනාවරණය වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *