• Sun. Jan 29th, 2023

විෂමතා ඉවත් කළ විශ්‍රාම වැටුප අගෝස්තු 10දා සිට

oldpeplesri lanka

විෂමතා ඉවත් කළ විශ්‍රාම වැටුප සාමාන්‍ය පරිදි අගෝස්තු 10 වැනිදා සිට ලබාදීමට කටයුතු සූදානම් කර ඇති බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

එමෙන්ම, විෂමතා ඉවත් කිරීමෙන් පසු විශ්‍රාමිකයන්ට එම මුදල් ලබා ගැනීමට තිබූ ගැටලු වහාම ඉවත් කරන ලෙස මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද (30දා) විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන්නේය.

ඒ අනුව, අදාළ මුදල් ලබාගැනීම සඳහා විශ්‍රාමිකයාම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පැමිණිය යුතුය, හැඳුනුම්පත් ලබාදිය යුතුය යන කොන්දේසි සියල්ල අහෝසි වනු ඇති බව පැවසෙයි.

මේ සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා ඊයේ (30දා) අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවක දී මෙම කරුණු අනාවරණ විය.ඒ අනුව ලබන මස 10 වැනිදා සිට සාමාන්‍ය පරිදි විෂමතා ඉවත් කළ විශ්‍රාම වැටුපද ලබාගැනීමේ හැකියාව පවතින බව අමාත්‍යවරයා පවසා සිටියේය.

2006 වසරට පෙර විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප ද 6/2006 වැටුප් ව්‍යුහයට සමගමීව සංශෝධනය කිරීමට පසුගිය දා තීරණය කෙරුණු අතර, ඒ අනුව විශ්‍රාමිකයන් 330,000කගේ වැටුප් විෂමතා ඉවත් වනු ඇති බව සඳහන් කෙරිණි.මේ යටතේ විශ්‍රාමිකයන්ට රුපියල් 3,000/- සිට 10,000/- දක්වා මුදලක් ලැබීමට නියමිත බවද රවි කරුණානායක මහතා පවසා සිටියේය.

මෙම මාධ්‍ය හමුවට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්. එස් හෙට්ටිආරච්චි මහතා ඇතුළු නිලධාරීන්ද එක්ව සිටියේය.

One thought on “විෂමතා ඉවත් කළ විශ්‍රාම වැටුප අගෝස්තු 10දා සිට”
  1. With the implementation of the new circular, pensioners get something although they don’t get the actual amounts they lost.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *