• Mon. Feb 6th, 2023

Bus

රට පුරා විවිධ ප්‍රදේශවලින් අනුරාධපුර අටමස්ථානය වැදපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ගේ ගමන් පහසුකම් සළසමින් අටමස්ථානය අතර ක්‍රියාත්මක බස් රථ සේවාව සදහා සුඛෝපබෝගි බස් රථ 04 ක් ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් ඊයේ (31දා) පස්වරුවේ සිදු විය
 
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සුඛෝපබෝගි බස් රථ 04 ක් මෙලෙස ප්‍රදානය කෙරුණු අතර එම බස් රථ ධාවනයේ යොදවමින් පළමු ටිකට්පතද ජනාධිපතිතුමා විසින් මිලදී ගනු ලැබීය.
 
සුඛෝපබෝගි බස් රථ සේවාව යටතේ කි.මි 22 ක දුරින් යුත් අටමස්ථාන චාරිකාව සදහා එක් මගියෙකුගෙන් අය කෙරෙන මුදල රුපියල් 100 කි.
 
අටමස්ථානය වැද පුදා ගැනීමේදී දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් මුහුණ දෙන ගැටලුවලට පිළියමක් වශයෙන් මෙම බස් රථ සේවාව ආරම්භ කර තිබේ.

01(126) 02(94) 03(71) 04(64)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *