• Sat. Jan 28th, 2023

maithri & ranil

කොළොම්පුර සිට ඓතිහාසික සෙංකඩගල ‍රාජධානියට පැයකින් ළඟාවිය හැකිසේ තැනෙන “කොළඹ – මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයට” මුල්ගල තැබීම අද (03) උදේ 9.30ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කඩවත දී සිදුකැරේ. කඩවත සිට මීරිගම දක්වා කිලෝමීටර් 37ක කොටස ඉදිකිරීමට අද මුල්ගල තැබේ.

මංතීරු හයකින් යුතු අධිවේගී මාර්ගයක් ලෙස ඉදිකිරීමට සැලැසුම් කොට ඇති මේ මාර්ගය පළමුව මංතීරු හතරක් ලෙස තැනෙන බව මහාමාර්ග, ආයෝජන ප්‍රවර්ධන, උසස් අධ්‍යාපන ඇමැති කබීර් හෂීම් මහතා ප්‍රකාශ කරන ලදී.
මධ්‍යම අධිවේගී මාර්ගය කඩවත සිට මීරිගම දක්වා පළමු අදියර යටතේ ඉදිකැරේ. එහි දුර කිලෝමීටර් 37කි. කඩවත, මීරිගම, පොතුහැර, කුරුණෑගල හරහා දඹුල්ල දක්වාත්, කඩවත, මීරිගම, පොතුහැර, රඹුක්කන, ගලගෙදර හරහා මහනුවර දක්වාත් මේ අධිවේගී මාර්ගය තැනේ.

මධ්‍යම අධිවේගී මාර්ග තැනීම සමඟ මහනුවරට විනාඩි 50ක් පැය එකහමාරක් ඇතුළත දඹුල්ලට යා හැකි සේ නිර්මාණය කරන බව ඇමැති කබීර් හෂීම් මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *