• Tue. Feb 7th, 2023

2500න් මාසයක් ජීවත්විය හැකි කියූ බන්දුල තවත් පචයක් කියා අමාරුවක වැටේ.

bandula gunawardena

ලිට්‍රෝ සමාගම පෞද්ගලීකරණය කිරීමේ සූදානමක් ඇති බව සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පසුගියදා සිදුකළ පදනම් විරහිත ප්‍රකාශයෙන් සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් බිලියනයක වන්දියක් ගෙවන ලෙස ඉල්ලා ලිට්‍රෝ සමාගම හිටපු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන වෙත එන්තරවාසි යවා තිබෙනවා.

විධායක සභාපති ශලීල මුණසිංහ මහතා සිය නීතිඥවරුන් මගින් යවා ඇති එන්තරවාසියේ දක්වා ඇත්තේ මෙම ප්‍රකාශය මඟින් තමාට මෙන්ම ලිට්‍රෝ සමාගමේ ඉහළ කළමනාකාරීත්වයටද අපහාස වී ඇති බවයි.පසුගිය ජූලි 22 දා හෝ ඊට ආසන්න දිනයක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත.පසුදා ඩේලි මිරර් පුවත්පත එය පළ කර තිබූ බවයි එන්තරවාසියේ දැක්වෙන්නේ.
ඒ අනුව දින 7ක් ඇතුළත අදාළ මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් ඉදිරි ක්‍රියා මාර්ග ගන්නා බව එහි සඳහන්.

මීට පෙරද මෙවැනි අසත්‍ය කතා පතුරවමින් ජනතාව නොමඟ යැවීමේ සිදු කළ රාජපක්ෂ රජයේ අසාර්ථක අධ්‍යාපන ඇමති බන්දුල රුපියල් 2500කින් මාසයක් ජීවත් විය හැකි යැයි සිදුකල ප්‍රකාශයකින් අනතුරුව මුලු මහත් ජනතාව හමුවේම පිළිකුලට පත් වූ පුද්ගලයෙකි.

Letter of Demand-1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *