• Thu. Feb 2nd, 2023

 

 

sujeewa

හබරකඩ එජාප ඡන්ද රැස්වීමක දී පොලිස් කොස්තාපල්වරයකුට බැණ වැදුණු බව කියන අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතාට ලබන 12 වැනි දා හෝමාගම උසාවියේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත් වයි ආර් බී නෙළුම්දෙනිය මහතා අද (05) නියෝග කළේය.
ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කියා සිටියේ සේනසිංහ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවකට පෙනී සිටින හෙයින් අද නොපැමිණි බවයි.
දීර්ඝ දිනයක් දෙන්නැයි ඔහුගේ නීතීඥවරයා ඉල්ලා සිටි නමුත් පොලිසිය ඊට විරුද්ධ විය.
අදාළ පොලිස් නිලධාරියා බීමත්ව සිටියේ යැයි නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කරන නමුත් සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙක්ම ප්‍රකාශ කරනු ලබන්නේ ඔහු බීමත්ව නොසිටි බව යැයිද වාර්තා වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *