ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති පූජ්‍ය බෙල්ලන්විල විමලරතන ස්වාමීන් වහන්සේ යළි එම සරසවියේ කුලපති ධූරයට පත්කර තිබේ.උන්වහන්සේගේ ධූර කාලය තවත් වසර පහකින් දීර්ඝ කිරිමේ පත්වීම් ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් ඊයේ පස්වරුවේ බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී පිළිගැන්වීය.
බෙල්ලන්විල රජමහා විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරතවී ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මේ සදහා එක් විය.
මේ අතර කොළඹ සහ පේරාදෙණිය විශ්ව විද්‍යාල සදහා නව උප කුලපතිවරුන් දෙදෙනෙකු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද පෙරවරුවේ සිය පත්වීම් ලිපි ලබාගත්හ.
ඒ අනුව කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා ලෙස මහාචාර්ය ලක්ෂ්මන් දිසානායකද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා ලෙස මහාචාර්ය උපුල් දිසානායකද මෙලෙස ජනාධිපතිවරයා අතින් පත්වීම් ලිපි ලැබූහ.