මෙම මහ මැතිවරණයේදී ජාතිවාදී,ආගම්වාදී නොවන දූෂණයෙන් තොර, අපරාධකරුවන් නොවන නියෝජිතයින් තෝරාගැනීමට බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුව ඇති බව සර්ව ආගමික නායකයින් පෙන්වාදෙයි. සර්ව ආගමික සමුළුව වෙනුවෙන් විද්වත් වෘත්තිකයින්ගේ සංගම් ශාලාවේ අද (05) පැවති මාධ්‍ය හමුවේදී අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් අදහස් දක්වමින් මේ බව සඳහන් කර සිටියා.
රටේ වෙසෙන සියලු ජනතාව ජාති භේදයකින් තොරව සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය සහය දිය යුතු බව ද ඒ හිමියෝ කීය.
මේ අවස්ථාවට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනා හිමි, මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා, බ්රහ්මණවත්තේ සීවලී හිමි, දුලිප් ඩී චිකේරා බිෂොප්තුමා ද , ආගමික සමුළුවේ උප ලේකම් එබෙන්ෂර් ජෝෂප් පියතුමා සහ සමස්ත ලංකා ජමියාහ්තුල් උලමා සංවිධානයේ මාධ්‍ය ලේකම් ඈෂ් ෂෙයික් ෆාසිල් ෆාරුක් මවුලවිතුමා ද සහභාගී වූහ.
https://youtu.be/JYRIanbFuaU