• Tue. Feb 7th, 2023

මම රනිල්ට අභියෝග කළාද කියලා මතක නෑ – මහින්ද කියයි.

mahinda fb

ලසන්ත වික්‍රමතුංග ඝාතනය හා ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම ගැන වත්මන් ආණ්ඩුව පරීක්ෂණ නොකර ඒවා යටගහන්නේ ඇයිදැයි සැකයක් මතුවන බව හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ පවසා තිබෙනවා.ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ බී.බී.සී සංදේශය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ අහවලා යැයි අගමැතිවරයා පවා චෝදනා කර ඇති නමුත් මේ වන තෙක් පරීක්ෂණ නොපැවැත්වීම ගැටලුවක් බව හිටපු ජනාධිපතිවරයා බී.බී.සී සංදේශ‍යේ මාධ්‍යවේදියාගේ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබෙන්නේ.එමෙන්ම
මෙම සිද්ධීන් වලට සම්බන්ධ පුද්ගලයින් සිටින්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේදැයි අපට සැකයක් මතුවන බව එහිදී මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ තිබුණේ කැලෑ නීතිය යැයි වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇති බව පෙන්වාදුන් බී.බී.සී සංදේශයේ මාධ්‍යවේදියාට රාජපක්ෂ මහතා පවසා ඇත්තේ කැලෑ නීතිය තිබෙන්නේ දැන් බවයි.

එළඹෙන මහ මැතිවරණයේදී ආසන 117ක් දිනා ගෙන සන්ධානය ජයග්‍රහණය කරන බව තමන්ට සහතික බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්මුඛ සාකච්ඡාවේදී පවසා තිබේ.එසේ ජයග්‍රහණය ලබන්නේ නම්, එවිට ඔහු අගමැති පදවියට පත් කෙරෙනු ඇතිදැයි විමසූ විට සිනහවකින් පිළිතුරු දුන් හිටපු ජනපතිවරයා කියා සිටියේ: “ඒක ඒ වෙලාවට බලා ගමු” යනුවෙනි.තවත් වසර දෙකක් ධුර කාලය ඉතිරිව තිබියදී ජනවාරි 08 වැනි දින ජනපතිවරණය කැඳවීම තමා ගත් ‘වැරදි තීන්දුවක්’ බවද ඔහු පවසා තිබේ.

එමෙන්ම මෙහිදී අගමැති රනිල් වික්‍රමසිංහ තමන් සමඟ ප්‍රසිද්ධ විවාදයකට සූදානම් නැත්නම් එය තමන්ට ගැටලුවක් නොවන බවද මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබෙනවා.සන්ධානයේ අගමැති අපේක්ෂකයා නොවන බැවින් මහින්ද රාජපක්ෂ සමඟ විවාදයකට තමන් සූදානම් නැති බව අගමැතිවරයා මීට පෙර බීබීසියට පවසා තිබුනා.
එමෙන්ම මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ අග්‍රාමාත්‍යය තුමාට අභියෝගයක් එල්ල කළාදැයි මතක නැති බවයි.

mrfb1“මම එහෙම අභියෝගයක් කළේ නෑ මම හිතන්නේ. මට මතක නෑ මම එහෙම කළා ද කියලා. මගේ ෆේස්බුක් එකේ වෙන්න බෑ. එක එක්කෙනා අභියෝග කරලා තියෙනව එයාට.”

 

මහින්ද රාජපක්ෂ සිය නිල Facebook පිටුවේ අසා තිබුන ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් මේ ප්‍රකාශය සිදුකර තිබුණි. මොහොමඩ් අබ්දුල්ලා නැමති පුද්ගලයෙකු විසින් මෙම ප්‍රශ්නය අසා තිබුන අතර එහිදී ඔහු ප්‍රකාශකර සිටියේ ඒ හරහා මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව රනිල් වික්‍රමසිංහ මහතා සහ රජය සිදුකර තිබෙන ප්‍රකාශ බොහොමයක් සම්බන්ධයෙන් ජනතාව තුල පවතින සැකය නැතිකර දැමීම සඳහා ඉවහල්වනු ඇති බවයි.

මේ සඳහා පිළිතුරක් නිකුත් කරමින් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ මීට පෙර කිහිපවතාවක් එක් එක් පුද්ගලයන් හරහා රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රසිද්ධ විවාදයකට අභියෝග කරතිබුනත් රනිල් වික්‍රමසිංහ මහතා ඒ සියළු අභියෝගයන් මඟහැර ඇති බවයි.එහෙත් දැන් මහින්ද රාජපක්ෂ ඔහුට එසේ කීවාදැයි මතක නැති බව පවසා තිබෙනවා.
මහින්ද රාජපක්ෂ පරිපාලනය සමයේ, “ගෝඨාභය රාජපක්ෂට බෝම්බ ප්‍රහාරය එල්ල වන තුරු” කොටි සංවිධානයට මුදල් දුන් බවට අගමැති රනිල් වික්‍රමසිංහ කරන චෝදනාවද හිටපු ජනපතිවරයා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මහින්ද රාජපක්ෂ 2005 දී කොටි සංවිධානයට මුදල් දී උතුරේ ඡන්ද වර්ජනයක් සිදු කළ බව ටිරාන් අලස් සිදුකළ හෙළිදරව්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *