අමු රබර් මිලදීගන්න කෝටි 400 ක් වෙන් කරයි.මේ වසර සඳහා ස්වභාවික අමු රබර් මිලදී ගැනීමට මහා භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 400 ක මුදලක් වෙන් කර තිබෙනවා.
ඉන් රුපියල් කෝටි 90 ක් මේ වනවිටත් නිදහස් කර ඇති බවයි රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආර්.බී. ප්‍රේමදාස සඳහන් කළේ.
එමෙන්ම රබර් කිලෝවකට රුපියල් 350 ක සහතික මිලක් ලබාදීමට ආණ්ඩුව පියවර ගත්තා.
මෙරට රබර් කර්මාන්තය සහ එහි නියැලෙන පුද්ගලයින්ගේ ජීවන තත්ත්වය නංවාලීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිරියේ.
මෙම මිල යටතේ ස්වභාවික අමු රබර් අලෙවි කරගැනීම සඳහා කිසියම් ගැටළුවක් පවතීනම් ඊට මැදිහත්වීම සඳහා රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකුද පත්කර තිබෙනවා.