• Fri. Feb 3rd, 2023

පෙරටුගාමින්ට ප්‍රහාර දැඩිවේ – CIDයත් ලුහුබදී.

peratugami

මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සිදුකරමින් සිටින තම පක්ෂයේ සාමාජිකයින්ට රාජ්‍ය හමුදාවෙන්ගෙන් එල්ල වන බලපෑම මේ වන විට වර්ධනය වි ඇති බවත් පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ සදහන් කර සිටිනවා.

ඔහු මේ අදහස් දැක්වූයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. මෙහිදී අදහස් දැක්වූ පුබුදු ජයගොඩ මුලින්ම කරුණු දක්වූයේ මෙම මැතිවරණයේදී තම පක්ෂයට එල්ල වී ඇති බාධාවන් පිළිබඳවයි. ඔහු සඳහන් කළේ විශේෂයෙන්ම යාපනේ, මඩකලපුව, හා වන්නි දිස්ත‍්‍රික්ක වල සිය අපේක්ෂකයන්ට රජයේ ආරක්ෂක අංශ මගින් බාධා ස්දුවන බවයි.

යාපනේ සිය පක්ෂයේ අපේක්ෂකයෙක් වන යාපනේ විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ ශිෂ්‍යයෙක් වන දිනේෂ්වරන්ගේ චුන්නාකම් හි නිවසට ගොස් ඔහු ගැන තොරතුරු සොයා ඇත. මඩකලපුවේ අපේක්ෂක පද්මනාදන් ජෙයරාජි කරදියනාරුගේ නිවසට ගොස් ඔහු පොලිසියට කැඳවා අහලා තියෙන්නේ ඔහුගේ පෞද්ගලික තොරතුරු හා පක්ෂය හා සම්බන්ධ වූ ආකාරය ආදිය. මෙහදී පොලීසිය කියන්නේ ඔවුන්ට එසේ කිරීමට අයිතියක් ඇති බවයි. නමුත් මෙහෙම කරන්නේ උතුරු නැගෙනහිර අපේ පක්ෂයේ අයගෙන් විතරයි. මේක විශාල ප‍්‍රශ්නයක්. දැන් එහෙම කියන පොලිසිය අයට සිදු වෙන මරණ තර්ජන ගැන මොණවත් කරන්නේ නෑ. පසුගිය දවසක ඊපීඞීපී සංවිධානයේ පිරිසක් අපේ පාක්ෂිකයන්ගේ නිවෙස් වලට ගිහින් කියලා තිබුණේ. මිනිස්සු සීයක් දෙසීයක් පෝලිම් තියලා මරපු අපිට උඹලට එහෙම කරන එක ප‍්‍රශ්නයක් නෙවෙයි කියලා. ආයුධ සන්නද්ධව තමයි ඒ අය දේශපාලනය කරන්නේ. අපේ ලලිත් කුගන් සහෝදරවරු පැහැරගත්තේ අධි ආරක්ෂක කලාපයක් ඇතුලේ අපි අහනවා ඒවාට ගත්ත ක‍්‍රියාමාර්ග මොණවද කියලා. මේක දේශපාලනය කිරීමේ අයිතිය පිළිබඳ ඇතිවෙලා තියෙන බරපතල තත්ත්වයක්. ඔන්න ඔහොම තමයි දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රියාත්මක වෙන්නේ.

“ප‍්‍රචාරක වැඩ කරද්දී. මුදල් අධික ලෙස වියදම් කරන මැතිවරණ ප‍්‍රචාරණයන්ට ඕන තරම් අවස්ථාව තියෙනවා. අපිට තියෙන්නේ පොඩි ලොරි කට්ටක්, වෑන්කට්ටක් ත‍්‍රී විල් එකක් වගේ ඒවගෙන් තමයි අපි ප‍්‍රචාරක කටයුතු කරන්නේ. පොලිසිය කියනවා, අපේක්ෂකයන්ට මේවගේ යන්න බෑ කියලා. අපිට ලොකු වාහන නෑ. අපි තියන රැස්වීම් උනත් කරන්නේ මිනිස්සු රැස්වෙන තැන් වලට ගිහින් කතා කරන එක. ඒවට අවසර ගන්න ගියාම පොලිසියෙන් විශාල වශයෙන් නොයෙක් කරුණු කියලා භාදා කරනවා. මීගොඩ ආර්ථික මධ්‍යස්තානේ රැස්වීමක් කරන්න ගියාම අපිට කියනවා ප‍්‍රදේශවාසීන් 10කගෙන් අත්සන් අරන් එන්නකියලා.

ගාල්ලේ පසුගිය 6 දා පැවැති රැස්වීමක පෝස්ටර් අලවපු අපේ ක‍්‍රියාකාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඇලෙව්වේ රැස්වීම් පෝස්ටර් ඒවගේ ඡන්ද ලකූණුත් නෑ. අනිත් පක්ෂ වල වගේ මූනු දාලත් නෑ. පොලිසියෙන් මැතිවරණ නිරීක්ෂකයෝ ඇහුවම ඇයි කියලා පොලිසිය කියලා තියෙන්නේ ඒකෙ කථිකයන්ගේ නම් තිබුණා කියලා. අපි කියන්නේ එක්කෝ පොලිසිය මැතිවරණ නීතිය දන්නේ නෑ. නැත්නම් මේක හිතා මතාම අපේ දේශපාලනය නවත්වන්න කරන දෙයක්.

මහනුවරදී අපේ දෙදෙනෙක්ට පහරදීමක් කරලා තිබුණා. එහෙම කරන ප‍්‍රධාන පක්ෂ වල පාක්ෂිකයන්ට අපි කියනාවා අපිට ගහලා වැඩක් නෑ. මොකද 18 පස්සේ අනිවාර්යෙන් එන්නේ සමගි සන්ධාන ආණ්ඩුවක් කියලා හැමෝම කියනවා. ඒ නිසා ඒ ගැන අවබෝදෙන් රැුවටෙන්නැතිව ඉන්න කියලා. ජේවීපී එකේ ලාල් කාන්ත මහත්තයා කියලා තිබුණා ප‍්‍රධාන පක්ෂ වල ඉන්නේ ගෙම්බෝ කියලා. අපි කියනවා ප‍්‍රධාන පක්ෂ වල විතරක් නෙවෙයි. ඔය උගත් බුද්ධිමත් ජාතික ලයිස්තුවක් තියෙනවා කියන ජනතා විමුක්ති පෙරමුණේ අයත් එහෙමයි. උදාහරණයක් කියනවානම් පසුගිය දිනක උපුල් ශාන්ත සන්නස්ගල මහතාගේ නීතීඥ හමුවක් සඳහා පත‍්‍රිකාවක් ගෙවල් වලට යවලා තිබුණා. ඒකේ සම්බන්ධීකරණයට දාල තිබුණ නම් ලිස්ට් එකේ අංක එකට ඉන්නේ නීතීඥ උපුල් කුමාරප්පෙරුම. එයා ජවිපෙ ජාතික ලයිස්තුවේ ඉන්න කෙනෙක්. සරත් මායාදුන්නේ මහත්තයා පසුගිය දිනෙක මහරගම විජේදාස රාජපක්ෂ මහත්යාගේ රැස්වීමක ඔහු වෙනුවෙන් කථිකයෙක් විධියට ඇවිත් තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *