• Tue. Feb 7th, 2023

maithripala sirisena speech

මහ මැතිවරණයට පෙර තවත් වරක් ජාතිය ඇමතීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සූදානම් වන බව මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. එම වාර්තා පවසන්නේ මැතිවරණය ආසන්න වන විට ජාතිවාදය මුල් කරගත් ජන්ද සටනකට එළඹීමට රාජපක්ෂ ප‍්‍රමුඛ සන්ධානය සැලසුම් කර තිබීම හෙලිවූ බැවින් ජනපති මෙම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව රාජපක්ෂට අගමැති ධූරය නොදෙන බව පවසා මීට පෙර සිදුකල ආන්දෝළනාත්මක ප‍්‍රකාශය අභිබවා යන දැවැන්ත වාග් ප‍්‍රහාරයක් රාජපක්ෂට මේ හරහා එල්ල වීමට නියමිත බවද වාර්තා වෙන්නේ.

තමන් මෛත‍්‍රී මහින්ද රජයක් බිහි කරන බවට මහින්ද රාජපක්ෂ පසුගියදා ජන හමුවලදී සදහන් කර තිබුනත් ජාතිවාදියකු සමග තමන් කිසිදු රජයක් නොපිහිටුවන බව ජනපති මෛත‍්‍රීපාල සිරිසේන ප‍්‍රකාශ කිරීමට නියමිත බවයද එම වාර්තා අනාවරණ කරයි. ජනපති ලෙස ජාතික සමගිය පිළිබද පැවරී ඇති වගකීම කෙරෙහි අවධානය යොමුකර ඔහු මෙම ප‍්‍රකාශය සිදුකිරීමට නියමිත බවද එමවාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

 

(theindependent)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *