• Sat. Jan 28th, 2023

ජනාධිපතිවරණ රාත්‍රියේ කුමණ්ත්‍රණය හෙළි කිරීමට රන්ජන් සූදානම්

ranjan

 

හිටපු හමුදාපති දයා රත්නායක පසුගිය ජූනි 16 වැනිදා සිරස රූපවාහිනියේ ‘මුහුණට මුහුණ’ වැඩසටහනට එක්වෙමින්,ජනවාරි 8වැනිදා මධ්‍යම රාත‍‍්‍රියේ අරලියගහ මන්දිරය තුළ සිදුවුණා යැයි කියන කුමන්ත‍‍්‍රණය ගැන තමාගෙන් විමසූ විට දුන් පිළිතුරෙන් උපුටාගත් කොටස්ය. හිටපු හමුදාපතිවරයාගේ බැලූ බැල්මට පරෙස්සම් සහගත ලෙස පෙනෙන මේ කතාවෙන් පැහැදිලි වන්නේ කුමක්ද.? ජනවාරි 8වැනිදා රාත්‍රියේ ‘බල මාරුව’ ලස්සනට සිදුවූයේ ඔහුත් හමුදා නිලධාරිනුත්, රටේ ප‍‍්‍රජාතන්ත‍‍්‍රවාදය කෙරෙහි කැපවීමෙන් මැදිහත්ව කටයුතු කළ නිසා බවය.

මේ කරුණ රාවය පුවතක් උපුටා දක්වමින් අපේ රට වෙබ් අඩවිය පසුගිය ජූනි 22 වෙනිදින උපුටා දැක්වීමත් සමග මාධ්‍ය අවධානය ඊට යොමු වුණා.

“අපි එතැන හිටි නිසා ප‍‍්‍රජාතන්ත‍‍්‍රවාදය බේරුණා – ජනවාරි 8 කුමන්ත‍‍්‍රණය ගැන හිටපු හමුදාපති කියයි

පසුගිය ජනවාරි 08 වෙනි දා එනම් ජනාධිපතිවරණය දා රාත්‍රියේ මහා ලේ වැගිරීමක් නැවැත්වීමට හැකි වූවා යි හිටපු යුධ හමුදාපති ජෙනරල් දයා රත්නායක මහතා තමන් හට ප්‍රකාශ කළ බව එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක රංජන් රාමනායක මහතා රූපවාහිනී දේශපාලන සාකච්ඡාවක දී ප්‍රකාශ කිරීමත් සමග එය මහත් කතා බහට තුඩුදෙන්නක් බවට පත් විය.

රාමනායක මහතාගේ එම ප්‍රකාශයට හිටපු යුධ හමුදාපතිවරයා ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ ‘හඳට බුරන සුනඛයින් සේ ප්‍රකාශ නිකුත් කරන්නන් හා නඩු කියන්නට ගිය හොත්’ සිදු වන්නේ තම ආත්ම ගරුත්වයට හානි සිදුවීම බව යි.

මේ පිළිබඳව අදහස් දක්වාඇති නි.ඇමති රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කළේ තමා ප්‍රකාශ කළ සෑම දෙයක්ම ඔප්පු කිරීමට අවශ්‍ය කරන සාක්ෂි තමා ලඟ පවතින බවත් තමන්ගේ ප්‍රකාශ සම්බන්ධව වගකීම තමන් 100%ක් භාරගන්නා බවත් ය.

එමෙන්ම ජනාධිපතිවරණ රාත්‍රිය පිළිබඳව, හිටපු හමුදාපතිවරයා රාවය පුවත්පතට ද “අපි එතන සිටි නිසා ප්‍රජාතන්ත්‍රවාදය රැකුණා” යනුවෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇති බව ද රාමනායක මහතා ප්‍රකාශ කළේ ය.

රාමනායක මහතා තවදුරටත් සඳහන් කළේ එදින රාත්‍රියේ මහින්ද රාජපක්ෂ මහතා සමග අගවිනිසුරුවරයා, ප්‍රංශයේ තානාපතිවරයා මෙන්ම උදය ගම්මන්පිල වැන්නවුන් සිටීම මගින් ද රාජපක්ෂ මහතා කුමණ්ත්‍රණකාරීව බලයේ රැඳී සිටින්නට උත්සහ කළ බව ඔප්පු වන බව යි.

එමෙන්ම රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කුමණ්ත්‍රණකාරී ලෙස දිගටම බලයේ රැඳී සිටින්නට උත්සහ ගැනීම පිළිබඳව හිටපු හමුදාපතිවරයාගේ ප්‍රකාශය ප්‍රසිද්ධ විවාදයක දී වුව ඔප්පු කිරීමට තමන්ට හැකි බව ද රාමනායක මහතා ප්‍රකාශ කළේ ය.

 

(ඒෂියන් මිරර් ඇසුරෙනි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *