• Thu. Feb 2nd, 2023

ඩිලාන් මීරියබැද්දට දුන් සහනාධාරත් ගසා කාලා

dilan miriyadebba

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මුදල් ඩිලාන් පෙරේරා විසින් වංචනිකව භාවිතා කිරීම පිළිබඳව විගණකාධිපති විසින් පිටු 68 කින් යුත් අංක 115/INV/PC/GDE/2015/04 දරන විගණන විමසුම නිකුත් කරනු ලැබුවේ පසුගිය ජුනි 15 දින දීය. එම විමසුමේ සඳහන් මුල්‍ය විෂමාචාරයන්ට හිටපු ඇමතිවරයා සෘජුව මැදිහත් වී තිබේ.

ඒ වංචා මෙසේය.

01. විදේශ රැකියා පිළිබඳ දැනුවත් කිරීම සඳහා යැයි පවසමින් කොළඹ, ගම්පහ, හම්බන්තොට ප්‍රදේශවල පාගමන් සංවිධානය කළ බවට කූඨ ලේඛන පිළියෙළ කොට රුපියල් මිලියන 9 ක් වංචා කිරීම, ටී ෂර්ට්, තොප්පි, ආහාර ඇතුළු සැපයුම් සඳහා ව්‍යාජ ලේඛන පිළියෙළ කොට මෙම මුදල් වංචා කර ඇත.

02. කූඨ ලේඛන පිළියෙළ කොට රුපියල් මිලියන 1.6 ක් වංචා කිරීම.

සිරිලිය සවිය සංවිධානයට ලබා දීමට බව පවසා රාවනාඇල්ල ෆුඩ් ඇන්ඩ් කේටර්ස් නමැති ආයතනයෙන් රුපියල් මිලියන 02 ක් ලබා ගත් ඩිලාන් පෙරේරා හිටපු ඇමතිවරයා, එම මුදල් බදුල්ල මහජන බැංකුවේ පවත්වා ගෙන යන “ඩිලාන් පෙරේරා පදනමට”අයත් ගිණුම් අංක 010100120012392 ගිණුමට 2013 අප්‍රේල් 01 දින තැන්පත් කොට ඉන්පසු රාවනාඇල්ල ව්‍යාපාරික ආයතනය නමින් ව්‍යාජ බිල්පත් සකසා එම මුදල් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මුදලින් ව්‍යාපාරිකයාට පියවීම.

03. රටවිරු පවුල්වල සාමාජිකයන්ගේ ප්‍රධානත්වයෙන් පින්කම් මාලාවක් පවත්වන බව අඟවා රුපියල් මිලියන 3-6 ක මුදලක් වංචා කිරීම.

මෙහිදී ස්වාමින්වහන්සේලා 1115 ක් නමින් රු.2000/- බැගින් වූ පිරිකර පුජා කෙරෙන බවට ලේඛන පිළියෙළ කොට මුදල් වංචා කර ඇති අතර, කිරි අම්මාවරුන්ට පිරිකර පුජා කිරීම සඳහා බව පවසමින් කූඨ ලේඛන පිළියෙළ කොට රුපියල් ලක්ෂ 15 ක් වංචා කොට තිබේ.

04. 2014 නාය යෑම හේතුකොට ගෙන හාලි ඇල ප්‍රදේශයේ රටවිරුවන්ට සහන සලසන බවට සැකසු ව්‍යාජ ලේඛන මගින් රුපියල් මිලියන 3.9 ක් වංචා කිරීම.

05. හාලි ඇල සම්පත් මධ්‍යස්ථානයේ මුල්ගල තැබීම සඳහා පමණක් කූඨ ලේඛන පිළියෙළ කොට රුපියල් මිලියන 9.1 ක් වංචා කිරීම.

මෙම මුදලින් රුපියල් 8,048,648 ක් දේශපාලන කටයුතු වෙනුවෙන් වැය කර ඇති බව විගණන විමසුමේ සඳහන්ව තිබේ.

06. රටවිරු සංවිධාන බලගැන්වීම සඳහා බව පවසමින් දේශපාලන කටයුතු සඳහා කාර්යය මණ්ඩල, වාහන ඇතුළු රාජ්‍ය සම්පත් අවභාවිතය කිරීම.

07. නාය යෑම නිසා විපතට පත් කොස්ලන්ද මීරියබැද්ද රටවිරු පවුල්වලට සහන සැලසීමේ මුවාවෙන් රුපියල් ලක්ෂ 10 ක් වංචා කිරීම.

මෙහිදී බිල්පත් පිළියෙළ කොට දේශපාලන කටයුතු වෙනුවෙන් මුදල් භාවිතා කොට ඇති බව විගණන වාර්තාවෙන් පැහැදිලිව කරුණු හෙළිදරව් කර ඇත. මීට අමතරව ඇමතිවරයා ඉටුකළ සේවය ඇගයීම් සඳහා රුපියල් මිලියන 2.26 ක මුදලක්ද, 2014 නොවැම්බර් 08 දින අරලියගහ මන්දිරයේ පැවති දන්සැල සඳහා කෑම සැපයීමට රුපියල් මිලියන 3.8 ක්ද, “ඩිලාන් පෙරේරා පදනම” සංවිධානය කළ උත්සවයකට රුපියල් මිලියන 1.01 ක්ද, ගෙවා ඇති බව විගණකාධිපති පෙන්වා දී තිබේ.

විපතට පත් මීරියබැද්ද තම බල ප්‍රදේශයේ ගම්වැසියන්ට සහන සලසන බව සඳහන් කරමින් මුදල් වංචා කළ ඩිලාන් පෙරේරා හිටපු ඇමතිවරයාට මෙවර ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තු පැමිණිය නොහැකි බැවින් මෙවර සන්ධාන ජාතික ලයිස්තුවට එකතු වී ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *