ඩිෆෙන්ඩර් රථයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජුනි මස 30 වැනිදා තම ආයතනයේ ප්රධානීන්ගෙන් ප්රශ්න කළ බව ශ්රී ලංකා රතුකුරුස සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.WP KA-0642 අංක දරන ඩිෆෙන්ඩර් රථය 2011 අගෝස්තු මාසයේ සිට 2015 ජනවාරි 20 වැනිදා දක්වා හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සිරිලිය සවිය සංවිධානය සඳහා ලබා දී තිබුණු බවයි රතු කුරුස ආයතනය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා ඇත්තේ.
පසුගිය සිකුරාදා හෙළිදරව්වක් කරමින් ‘රාවය පුවත්පත’ පැවසුවේ රගර් ක්රීඩක තාජුදින් ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන තෙක් කර ඇති විමර්ශනවලින් හෙළි වී ඇත්තේ ඩිෆෙන්ඩර් රථයකින් ඔහු පැහැර ගෙන ගොස් ඝාතනය කර ඇති බවයි.එම ඩිෆෙන්ඩර් රථය සිරිලිය සවිය සංවිධානයට රතුකුරුස සංවිධානය විසින් ලබා දුන් එකක් බවද විමර්ශනවලදී හෙළිවී තිබෙන බව එම පුවත්පත වාර්තා කර තිබිණි.
මෙම රථය සිරිලිය සවිය සංවිධානය භාරයේ තිබෙන අවස්ථාවේදී ඔවුන් එය කුමන කාර්යයක් සඳහා භාවිත කළේ ද යන්න තමන් නොදන්නා බවද රතුකුරුස සංවිධානය සඳහන් කර තිබේ.
එම ඩිෆෙන්ඩර් රථයේ පාට වෙනස් කිරීම ගැනද තමන් දන්නා සියලුම තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැවසූ බව එම නිවේදනයේ දැක්වේ. අදාළ ඩිෆෙන්ඩර් රථය මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පවතී.
ශ්රී ලංකා රතුකුරුස සංවිධානය නිවේදනය පහතින් දැක්වේ.