• Fri. Jan 27th, 2023

දිවයින පුරා කොම්පෝස්ට් අංගන ඉදිකිරීමට ක්‍රියාත්මක කළ වැඩසටහනේ ප්‍රගතිය ජනපතිගේ අවධානයට

maithripala

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති කැළි කසළ ප්‍රශ්ණයට විසදුමක් වශයෙන් මධ්‍යම පරිසර අධිකාරිය විසින් දිවයින පුරා කොම්පෝස්ට් අංගන ඉදිකිරීමට ක්‍රියාත්මක කළ වැඩසටහනේ ප්‍රගතිය පිළිබද විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (11) පෙරවරුවේ කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්විණි.

පිළිසරු ව්‍යාපෘතියේ මූල්‍ය ආධාර මත, දිප ව්‍යාප්තව පළාත් පාලන ආයතන බල ප්‍රදේශ තුළ පිහිටුවා ඇති මෙම කොම්පෝස්ට් අංගන ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යාම පිළිබද මෙහීදී සාකච්ඡාවට ලක් විය.

මාතර,ලංකාපුර, මාවතගම, මහඔය, ඇල්පිටිය, හම්බන්තොට, ලූණුගම්වෙහෙර ප්‍රදේශවල දැනට ප්‍රධාන වශයෙන් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වන අතර ඒවායේ ක්‍රියාකාරිත්වය හා මතුව ඇති ගැටලූ පිලිබදවද දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කෙරිනි.

කාර්යක්ෂම සහ ඵලදායී ලෙස මෙම කොමිපෝස්ට් අංගන පවත්වාගන යාමේ අවශ්‍යතාවය මෙහිදී ජනාධිපතිතුමා අවධාරණය කළේය.

පරිසර අමාත්‍යාංශයේ ලේකම් නිමල් රූපසිංහ, මාධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි, අධ්‍යක්ෂ ජනරාල් කේ.එච්. මුතුකුඩ ආරච්චි, පිළිසරු ව්‍යාපෘති අධ්‍යක්ෂ ආර්. වල්පොල යන මහත්වරුන් ඇතුලූ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

06

04 05

( ඡායාරූප – ජනාධිපති මාධ්‍ය අංශය )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *