පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වා මහතා ළඟ තමන් වැඩ කළ බවත් ඔහුට ඡන්දය සඳහා රුපියල් මිලියන දෙකක මුදලක් ලබා දුන් බවත් ගම්පොල විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා අද (12දා) කොළඹ මහාධිකරණයේදී ප්රකාශ කර තිබෙනවා.
එසේම එම මුදල් නැවතත් තමන් ඔහුගෙන් ඉල්ලූ විට සිය ගෙදරට සුදු වෑන් හා පොලීසියෙන් පැමිණීමට පටන් ගත් බවත් වෙලේ සුදා මහාධිකරණ විනිසුරු ප්රීති පත්මන් සූරසේන ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේ රජයේ නීතීඥවරියගේ හරස් ප්රශ්න හමුවේ ඔහු එසේ පවසා ඇතැයි සදහන්.
හෙරොයින් ග්රෑම් හතක් ළඟ තබාගෙන ගල්කිස්සේ දී ජාවාරම් කළැයි වෙලේ සුදාට එරෙහිව මහාධිකරණයේ පවරා ඇති නඩුව අද විමසූ අවස්ථාවේ මේ බව පවසා ඇත.