• Tue. Feb 7th, 2023

mahinda rajapaksa and maithripala sirisena
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් රටේත් සුබ සිද්ධිය වෙනුවෙන් ලබන ඡන්ද දිනය තෙක් ජාතිවාදය නොඅවුළුවන ලෙස මෛත්‍රිපාල සිරිසේන ජනපති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, පක්ෂයේ අනුශාසක හා කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට පිටු 5ක ලිපියක් යවමින් සඳහන් කර තිබෙනවා.මෙහිදී ජනාධිපති මෛත්‍රී මෙතෙක් අප නොදන්නා සුවිශේෂී කරුණු කිහිපයක්ම හෙළිදරව් කොට තිබෙනවා.එමෙන්ම මෙහිදී ජනාධිපතිවරයා යම් ආකාරයක අනතුරු ඇඟවීමක්ද හිටපු ජනපතිවරයාට නිකුත් කොට තිබෙනවා,සම්පූර්ණයෙන් කියවන්න.

තමා සමග සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව කියවෙන ප්‍රවෘත්තියක් මෑතකදී ජනමාධ්‍ය මගින් වාර්තා කෙරුණු බවත් එවැනි අපේක්ෂාවක් ඔබට තිබේනම් ඔබ විසින් අත්තනෝමතිකව සම්මත කරගන්නට යෙදුණු 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් මුළු රටේ ජනතාවගේ අයිතිය, ප්‍රජාතන්ත්‍රවාදී නිදහස මර්දනය වූ බවත්
සදාකාලික ජනපති ධූරයේ රැඳී සිටීම පිණිස ඔබ ජනතාවගේ නිදහස සහ අභිමානයත් පක්ෂයේ සහ පක්ෂය වෙනුවෙන් කැපවූ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්ගේ දේශපාලන අනාගතයත් උදුරාගත් ආකාරය අවිචාරවත් බවද එහි සඳහන් වෙනවා.
ජනවාරි 8 වැනිදා පරාජයට පත්වූ අවස්ථාවේ සිට රට පුරා පන්සලෙන් පන්සලට ගිය ආකාරයත් වාර ගණනත් ඊට මාධ්‍ය ආවරණ ලබාගැනීමට කටයුතු කළ ආකාරයත් සැබැවින්ම හාස්‍යජනක බවත්,නිරන්තරයෙන් පන්සල් යෑම මඟින් දැහැමි සිතුවිළි ගොඩ නැඟී ඇත්දැයි සැක සහිත බවත් මෙම ලිපියෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කොට තිබෙනවා.

එමෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානය යම් හෙයකින් බහුතර මන්ත්‍රී ආසන 113ක් ලබා ගත්තද අගමැති ලෙස පත්විය යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙතෙක් අගමැති ධුරය නොදැරූ ජ්‍යෙෂ්ඨයෙකු බවත් ඒ සඳහා නිමල් සිරිපාල ද සිල්වා, ජෝන් අමරතුංග, අතාවුද සෙනෙවිරත්න, සුසිල් ප්‍රේම්ජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා වැන්නන් සිටින බවත් ජනාධිපතිවරයා එහි සඳහන් කර ඇත.

මෙහිදී විශේෂ හෙළිදරව්වක් සිදුකර ඇති ජනාධිපති මෛත්‍රී,

” ගම්පහ දිස්ත්‍රික් නාමයෝජනා සකසන අවස්ථාවේදී රණතුංග පවුලේ තිදෙනෙකුටම නාම යෝජනා ලබාදීම ප්‍රායෝගික නොවන තත්වයක් යටතේ බස්නාහිර පළාත් මහ ඇමතිවරයා සිය නාම යෝජනාව ඉවත්කර ගනු ඇතැයි මම අපේක්ෂා කළෙමි.එහෙත් අවාසනාව නම්, මේ සම්බන්ධයෙන් ඔබගේ ස්ථාවරය වී තිබුණේ මහ ඇමති ප්‍රසන්න රණතුංගට නාම යෝජනා නොලැබෙන්නේ නම් ඔබ ශ්‍රී ලනිපයෙන් ඉවත්ව වෙනම තරඟ කරන බවයි.ඒ අනුව රණතුංග පවුලේ එක් සමාජිකයෙක් ශ්‍රීලනිපයෙන් ඉවත්ව එජාපය හා සම්බන්ධ වෙද්දී ද ඔබට ජය ලබා දී මම නිහඬ විමි.වසර හැට හතරක් පුරා වර්ධනය වූ පක්ෂයක් එක් පුද්ගලයෙකුගේ නාම යෝජනාවක් වටා ගෙතුණු ප්‍රශ්නයක් මුල් කොටගෙන දෙකඩ වීම වළකා ගැනීමට හැකි වූයේ එසේ උපක්‍රමිකව පසු බැස යාමට මා ගත් තීරණය හේතුවෙන් බව කිව යුතුයි.

එසේම මෙහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වටා සිටින පිරිස ගැන ප්‍රකාශයක් සඳහන් කොට ඇති ජනාධිපතිවරයා,

“ඔබ තුළ ඉතිරි වී ඇති ඡන්දමය වටිනාකම හෙවත් අවසන් දේශපාලන ලේ බිඳුව සාහසික ලෙස උරා බීමේ ක්‍රෑර අරමුණින් ඔබ වටා එක් රොක්ව, ඔබේ ගුණ ගයමින් සිටින පිරිස් රහසින් දුරකථන ඇමතුම් දෙමින්,මුණගැසෙමින් සහ දූතයින් අත පණිවිඩ එවමින් මා හට කියා සිටින්නේ මහ මැතිවරණයෙන් පසුව මා සමග දේශපාලනය කිරීමට ඔවුන් ඉත සිතින් සුදානම් බවත් ඔවුන්ගේ දේශපාලන අනාගතය රැක ගත හැකි වන පරිදි කුමක් හෝ ඇමති ධූරයක් ලබා දෙන ලෙසත්ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කිසිඳු ආදරයක් හෝ හැඟීමක් නොමැති එක්සත් ජනතා නිදහස් සන්ධානය හරහා පමණක් අප පක්ෂය සමග සම්බන්ධකම් ගොඩ නගා ඇති කුඩා දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වල සිරකරුවකු බවට ඔබ පත් වී ඇත.එම කුඩා කල්ලි හා කණ්ඩායම් ඔබෙන් අපේක්ෂා කළේ ඔබ සතු යැයින් පෙනුණ ඡන්දමය වටිනාකම සූරාකමින් තමන් හට පාර්ලිමේන්තුවේ අසුනක් සහතික කර ගැනීම පමණකි.වසර 64ක ඉතිහාසයකට හිමිකම් කියන යෝධ ශ්‍රීලනිපය එවැනි පටු පරමාර්ථ සහිත කුඩා කල්ලි සහ කණ්ඩායම් වල ග්‍රහණයට නතු වීමට ඉඩ ලබා දීමේ වගකීම ඔබ භාරගත යුතුය.

 

එසේම ජාතිවාදය යළිත් නොඅවුලුවන්නැයි ජනාධි මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හට අනතුරු ඇඟවීමක්ද නිකුත් කොට තිබෙනවා.

“ජනවාරි 8 ඔබට අත්වූ පරාජය පිටුපසද , ඔබ විසින්ම ඇවිලවූ මේ අන්තවාදයේ ගිනි දළු ඔබට එරෙහිව ක්‍රියාත්මක වූ ආකාරය ඔබ නොදුටුවේය.
ශ්‍රිලනිපය යනු එක් ජනවර්ගයක් හෝ එක් ආගමික කණ්ඩායමක පක්ෂයක් ලෙස නොව සමස්ථ ශ්‍රී ලංකා ජාතියම නියෝජනය කරන පක්ෂයක් ලෙස යළි ගොඩ නැගීමේ අභියෝගය දැන් මා ඉදිරියේ තිබේ.
එහෙත් ඔබ වටා රොක්වී සිටින්නේ වර්ගවාදය අවුලුවා තම මනාප ගොඩ තර කර ගැනීමට මාන බලන පිරිසක් නොවේද..?සැබවින්ම මේ වර්ගවාදීන් පිරිස ශ්‍රීලනිප සමාජිකයින් නොවේ.ඔවුනට අවශ්‍ය ලෙස පක්ෂයත්,පාක්ෂිකයාත් හැසිරවීමට ඉඩ නොතැබිය යුතුයි.පසුගිය ජනාධිපතිවරණය ආරම්භයේ සිට 2015 අගෝස්තු 12 දින සිට ජාතික පුවත්පතකට ඔබ විසින් ලබා දී ඇති සමුඛ සාකච්ඡාව දක්වා වූ බොහෝ අවස්ථාවල ඔබ මෙන්ම ඔබ වෙනුවෙන් පෙනී සිටින්නන්ගෙන් ද ප්‍රකාශ වන්නේ පුද්ගල වර්ග වාදයකි.

මෛත්‍රී ජනාධිපතිවරයා මෙම ලිපිය ඔස්සේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අගමැති පදවියට සහ 2005 ජනාධිපති පදවියට පත් කිරීම සඳහා කළ මෙහෙවරද මතක් කරදී තිබෙන්නේ මෙලෙසින්,

 

“2005 නොවැම්බරයේ ජනාධිපති ධූරයට පත්වන තෙක් පැමිණි ගමන් මගේදී ඔබ මුහුණ දුන් තීරණාත්මක අවස්ථාවන් ගණනාවකදීම ඔබ වෙනුවෙන් මා පෙනී සිටි ආකාරය ඔබට කිසි ලෙසකින් හෝ අමතක විය හැකිද..?
2004 මහ මැතිවරණයෙන් පසුව ඔබ අගමැති කරවීම සඳහා මා ගත් අසීමිත උත්සහය කෙබඳුදැයි ඔබට අමතක වීමට හේතුවක් නැත.එම අවස්ථාවේදී ඔබ අගමැති ධූරයට පත්වීම වැලැක්වීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ ශක්තිය යොදවමින් විමල් වීරවන්ස මහතා ගෙනගිය කඩාකප්පල්කාරී මෙහෙයුමට එරෙහිව මම ඔබ සමග සිටියෙමි.
2005 වසරේ පැවති ජනාධිපතිවරණයේදී අප පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඔබ නම් කිරීම සම්බන්ධයෙන් ඇතිව් ඌ දැඩි අර්බුද අවස්ථාවේදී ද, මම ඔබ වෙනුවෙන් පෙනී සිටියෙමි. පක්ෂයේ ලේකම්වරයා වූ මා ඔබට එම අපේක්ෂකත්වය ලබා දීමට දෛරයෙන් හා වගකීමේන් කටයුතු කරද්දී, අද ඔබ සෙවණේ සිටින බොහෝ දෙනා රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කේවල් කරමින් සිටියේ ඔහු ජයග්‍රහණය කළ පසු නව එජාප ආණ්ඩුවෙන් ලබා ගන්නා අමාත්‍යධූර පිලිබඳවයි.

 

1 2 3 4 5

Leave a Reply

Your email address will not be published. Required fields are marked *