හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ගල්කිස්ස මහ හෝටලයේදී පවත්වා ඇති සාදයක එක්රැයක් සඳහා රුපියල් හත්ලක්ෂ හැත්තෑදහස් තිස් හතරක මුදලක් වැයකර ඇති බව අනාවරණය වී තිබේ. මෙම සාදය පසුගිය වසරේ මාර්තු මස 9 වැනිදා පවත්වා ඇති අතර එදින නාමල් රාජපක්ෂ මහතාගේ නමට හෝටලයේ සුපිරි කාමර හයක් වෙන්කරවා ගෙන ඇත.
මෙසේ වෙන්කරවාගෙන ඇත්තේ අංක 320, 311, 308, 309, 314 හා 319 දරන කාමර වේ.
මෙම කාමර සඳහා 9 වැනිදා රාත්රියේ ලෝකයේ මිල වැඩිම මත්පැන් වර්ග ඇනවුම්කර ලබාගෙන ඇත. එම විදේශිය මත්පැන් වර්ග අතර සුදුවයින්, කොඤැක්, ස්කොච්, විස්කි, ජින්, රම්, වොඩ්කා, පරණ අරක්කු මෙන්ම බිරවර්ගද බයිට් වර්ගද ලබාගෙන ඇති බව බිල්පත්වල දැක්වේ.
මීට අමතරව විදේශීය සිගරට් වර්ගද ලබාගෙන ඇත.
මේ සඳහා වූ බිල්පත් නාමල් රාජපක්ෂ ඔහුගේ ලේකම්වරුන් වන සංජය සමරසිංහ සහ එරංග යන අයවලුන්ගේ නම්වලට යොමුකර ඇතත් එම බිල්පත් පියවා ඇත්තේ මහජන මුදල්වලිනි.