• Sat. Jan 28th, 2023

election

පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ සියලු මැතිවරණ ප්‍රචාරක කටයුතු අද (14 වැනිදා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නිය්මිතව තිබෙන්වා.

මැතිවරණ නීතියට අනුව ඡන්ද විමසීම පැවැත්වෙන ලබන 17 වැනිදා දිනට පැය 48 කට පෙර තරග කරන දේශපාලන පක්‍ෂ හා ස්‌වාධීන කණ්‌ඩායම් සියලු ප්‍රචාරක කටයුතු අවසන් කළ යුතු වෙයි.
ඒ අනුව “නිහඬ කාලය” ලෙස හැඳින්වෙන මෙම දින දෙක තුළ ඡන්ද දායකයන්ට නිදහසේ තීරණ ගැනීමට ඉඩ ලබා දිය යුතු බව මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා දේශපාලන පක්‍ෂ වෙත දැනුම් දී ඇත්තේ.

මේ අතර අපේක්‍ෂකයන්ට හෝ දේශපාලන පක්‍ෂවලට සහාය පතා බෝධි පූජා, ධර්ම දේශනා ඇතුළු ආගමික වැඩසටහන් එම දින දෙකේදී සිදු කිරීම කොමසාරිස්‌වරයා තහනම් කර ඇත. එමෙන්ම ජංගම දුරකතන මගින් අපේක්‍ෂක සහාය පතා කෙටි පණිවුඩ, කෙටි හඬ පණිවුඩ, අන්තර් ජාල ප්‍රවර්ධන ආදී ක්‍රියාකාරකම් ද සපුරා තහනම් කර ඇත.එමෙන්ම අපේක්‍ෂකයන් හා පක්‍ෂ පිළිබඳව හැඟවෙන පරිදි ප්‍රවෘත්ති හෝ දැන්වීම් මුද්‍රිත හෝ වඒද්‍යුත් මාධ්‍යවල විකාශනය කිරීමද තහනම් කර තිබේ.

මේ අතර එක්සත් ජාතික පෙරමුණේ ජයග්‍රහණය වෙනුවෙන් පවත්වන අවසන් මැතිවරණ ප්‍රචාරක රැලිය එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14දා) හවස මරදාන ටවර් රඟහල අසලදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉදිරි මැතිවරණ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තිස්සමහාරාම, වත්තේගම, මහනුවර, ගම්පහ සහ කුරුණෑගල නගරවලදී ජන රැලිවලට සහභාගි වෙයි. ඒ අනුව උදෑසන 10ට තිස්සමහාරාම තරුණ සමුළුව, හම්බන්තොට සිංගප්පූරු ශාලාවේදීත්, ප.ව. 12ට මහනුවර දිස්ත්‍රික් කාන්තා ක්‍රියාකාරීන්ගේ හමුව, වත්තේගම නගර ශාලාවේදීත්, ප.ව. 3.30ට මහනුවර ප්‍රධාන රැලිය පොදු වෙළෙඳ සංකීර්ණය ඉදිරිපිටදීත්, ප.ව. 4.30ට ගම්පහ නගර සභා පිටියේදීත්, සවස 6ට කුරුණෑගල කුලියාපිටියේදීත් එම ජන රැලි පැවැත්වෙයි.

පාර්ලිමේන්තු මහ මැතිවරණය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් පවත්වනු ලබන අවසන් මහ රැලිය කොළඹ අලුත්කඩේ මංසන්ධිය අසලදී අද (14දා) ප.ව. 6.30ට එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක සහ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.
ඔවුන් දෙදෙනා සහභාගි වන තවත් ජනහමුවක් එදින සවස 5ට ගල්කිස්ස නගරයේදී පැවැත්වේ.

පාර්ලිමේන්තු මහ මැතිවරණය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් පවත්වනු ලබන අවසන් මහ රැලිය කොළඹ අලුත්කඩේ මංසන්ධිය අසලදී අද (14දා) ප.ව. 6.30ට එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක සහ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.
ඔවුන් දෙදෙනා සහභාගි වන තවත් ජනහමුවක් එදින සවස 5ට ගල්කිස්ස නගරයේදී පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *