අංක එකේ රාජපක්ෂවාදින් වූ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කළමනාකරන අධ්යක්ෂ මොහාන් ද අල්විස් සහ එහි විධායක අධ්යක්ෂ පියදාස කුඩාබාලගේ රාජපක්ෂ පාලන සමයේ සිදු කර ඇති මහජන මුදල් අවභාවිතා කර ඇති ආකාරය පිළිබඳ සවිස්තර වාර්තාවක් අප වෙත සාක්ෂි සහිතව ලැබී තිබෙනවා.
මෙහිදි ඔවුන් හට එක් මසකට ගෙවා ඇති මාසික වේතනය පිළිවෙලින් මොහාන් ද අල්විස් හට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් රුපියල් 1,405,912 ක්, ලිට්රෝ ගෑස් ලංකා සමාගමෙන් රුපියල් 393,333 ද, ලිට්රෝ ටර්මිනල් සමාගමෙන් 196,666 වශයෙන් මූලික වේතනය ලෙස 1,995,511 ක මුදලක් ලබාගෙන ඇත.
එමෙන්ම ලංකා රක්ෂණ සංස්ථාවේ විධායක අධ්යක්ෂ පියදාස කුඩාබාලගේ හට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් රුපියල් 915,898 ක්, ලිට්රෝ ගෑස් ලංකා සමාගමෙන් රුපියල් 1,542,045 ද, ලිට්රෝ ටර්මිනල් සමාගමෙන් 514,015 ද, කැන්විල් හෝල්ඩින් සමාගමෙන් රුපියල් 592,538 ක් වශයෙන් මූලික වේතනය ලෙස 3,564,496 ක මුදලක් ලබාගෙන ඇත.
එමෙන්ම මීට අමතරව විධායක අධ්යක්ෂ පියදාස කුඩාබාලගේ හට “ක්‍රෙස්කැට් අධි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයෙන්” රුපියල් 330,000ක නිවසක්ද,
මොවුන් දෙදෙනා හට වර්ෂ 2011 දී රුපියල් ලක්ෂ 30ක් වටිනා ජීවිත රක්ෂණාවරනයක් ලබාදී තිබෙනවා. මොවුන් දෙදෙනා අවුරුදු දෙකකකට පසු රුපියල් 2,972,750 ක් 2013 නොවැම්බර් මස 29දින ලබාගෙන තිබෙනවා.
ඉන්පසු නැවත මොවුන් දෙදෙනා හට රුපියල් 4,000,000 ක රක්ෂණාවරණයක් 2013 නොවැම්බර් මස 28 වන දින ලබා දි තිබෙන්නේ 2015 නොවැම්බර් මස 29 දිනට කල් පිරෙන ආකාරයටයි.
එමෙන්ම මොවුන් අතිවිශාල ලෙස වාහාන භාවිතා කොට තිබෙන්නේ එම වාහන වලට ලබාගෙන ඇති ඉන්ධන ප්‍රමාණය කෙතරම් විශාල දැයි අපහට සිතීමට ඉතිරි කරමින්.
ප්‍රාඩෝ 2ක්,
BMW කාර් 1ක්,
Nissan Cefiro කාර් 1ක්,
Lexus Jeep රථයක්,
Double Cab රථයක්,
Discover රථයක්,
බෙන්ස් කාර් රථයක් සහ
ඇස්ටින් මාර්ටින් කාර් රථයක් (පෞද්ගලික පරිහරණයට) භාවිතා කර තිබෙනවා.
එමෙන්ම කොටස් වෙළඳපල ගණුදෙනුකරුවන් හා අතයට ගණුදෙනු කරමින් පෞද්ගලික ලභ අපේක්ෂාවෙන් විධායක අධ්‍යක්ෂක පියදාස කුඩාබාලගේ කටයුතු කර ඇති ආකාරය පහතින් දැක්වේ.
එමෙන්ම සීෂෙල්ස් රාජ්‍යයේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ශාඛාවක් ස්ථාපිත කිරිම සඳහා අතිශාල මුදලක් මොවුන් ලබා ගෙන තිබෙනවා.
එමෙන්ම රාජපක්ෂ පුතුන්ගේ රූපවාහිනි නාලිකා සඳහා දැන්වීම්, අනුග්‍රාහකත්වය ලබා දි තිබෙන්නේ එයින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ලැබෙන ප්රථිලාභය ගැන ප්‍රශ්නාර්ථයක් මතු කරමින්.
මේ සියල්ල හෙළි වී ඇත්තේ යහපාලන රජය බලයට පත්විමේන් අනතුරුව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා රාජපක්ෂවරුන් සිදු කළ මහා පරිමාණ දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමට ඒ එක් එක් ආයතන සඳහා වලට පත් කළ පරීක්ෂණ කමිටු වලින් සිදුකල විගණනයන්ගේ වාර්තා අනුවයි. මේ හා සුවිශාල මහජන මුදල් අවභාවිතා කිරීම් පිළිබඳ තොරතුරු රැසක් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පත්කළ පරීක්ෂණ කමිටු වලින් සිදුකල විගණනයන්ගේ වාර්තා අනුව හෙළිදරව් වී ඇති අතර එම සියලු තොරතුරු අප හෙළි කිරීමට සූදානම්.