එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුවෙන් ඩිලාන් පෙරේරා,ටිරාන් අලස්,ප්රභා ගනේශන්,රජීව් විජේසිංහ,ගෙවිඳු කුමාරතුංග,චරිත හේරත්,ලෙස්ලි දේවේන්ද්ර,තිස්ස අත්තනායක,පියසිරි විජේනායක,මොහොමඩ් මුසම්මිල් හා ජීඑල් පීරිස් ඉවත්කොට තිබෙන බවට විශ්වාසවන්ත තොරතුරක් වාර්තා වී තිබෙනවා.
ප්රකට රාජපක්ෂවාදීන් වූ මෙම පිරිස ඊයේ මෛත්රීපාල සිරිසේන ජනාධිපතිතුමා හිටපු ජනාධ්පති මහින්ද රාජපක්ෂ හට යැවූ ලිපියත් සමඟ නිදහස් සන්ධානය තුළ ඇතිවී තිබෙන උණුසුම්කාරී වාතාවරනය හමුවේ මේ තත්වය උද්ගත වි ඇති බවටයි වාර්තා වන්නේ.