• Tue. Feb 7th, 2023

අප්පච්චියි,පුතයි දෙන්නම මැතිවරණ නීති කඩයි..!

mahinda rajapaksa and namal rajapaksa

මහින්ද රාජපක්ෂ අද දිනයේ කුරුණෑගල ප්‍රදේශයේ විහාරාස්ථාන රැසකට ගොස් සිල්රෙදි බෙදාදීම් සිදුකර ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

එමෙන්ම අද පෙරවරුවේ කුරුණෑගල බෞද්ධාලෝක පිරිවෙන් විහාරස්ථානයට ගිය මහින්ද රාජපක්ෂ සිල් රෙදි තොගයක් බෙදාහැරීමටද කටයුතු කර තිබුණි.

ඇතැම් විහාරස්ථානවලදී මෙම සිල්රෙදි බෙදාදීම පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වලක්වා තිබෙනවා.

මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස මනාපෙ අංක පක්ෂ සළකුණු සහිත වාහන 12කින් පමණ ගොස් වාරියපොල දෙමටලුව,දික්වැහැර, වෑදන්ඩ, කොළඹගම සහ රන්දෙණිය විහාරස්ථාන වෙත ගොස් ජනතාව හමුවී තිබේ.

එමෙන්ම පසුගිය සිකුරාදා(14) මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් වීමත් සමඟ සමාජ ජාල හරහා සිදුකරන ප්‍රචාරණ කටයුතු නවත්වන ලෙසට මැතිවරණ කොමසාරිස් විසින් ඉල්ලීමක් සිදුකර තිබුනි.

දැනට පවතින මැතිවරණ නීතියට අනුව සිකුරාදා රාත්‍රී 12.00න් පසු කිසිඳු මැතිවරණ ප්‍රචාරන කටයුත්තක් සිදු කිරීම නීතියට පටහැනි වේ. මේ වනවිට සමාජ ජාල තීරනාත්මක මාධ්‍යක් බවට පත්ව ඇති නිසාත් සැලකියයුතු ජනතාවක් සමාජ ජාල භාවිතා කරන නමුත් සමාජ ජාල පාලනය කිරීමේ හැකියාවක් තමාට නොමැති නිසා මැතිවරණ කොමසාරිස් මේ ඉල්ලීම සිදුකරන්නේ නීතීන් සෑදීමේ ආයතනයට පත්වීමට බලාපොරොත්තුවන දේශපාලඥයන් වශයෙන් පවතින නීතීන්ට ගරු කිරීමේ ප්‍රවනතාවයක් ඇතැයි මැතිවරණ අපේක්ෂකයන්ගෙන් බලාපොරොත්තු වෙමිනි.

මේ සම්බන්ධයෙන් ඉතා හොඳ ප්‍රතිචාරයක් එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී-ලංකා නිදහස් පක්ෂයේ දේශපාලඥයන් කිහිප දෙනෙකු විසින්ම දක්වා තිබුනි.

මේ ඉල්ලීම පිළිගනිමින් රනිල් වික්‍රමසිංහ,රවී කරුණානායක, රාජිත සේනාරත්න, ඉරාන් වික්‍රමරත්න ආදී දේශපාලඥයින් මේ ඉල්ලීමට ඉතාමත් හොඳ ප්‍රතිචාරයක් දක්වමින් සමාජ ජාල හරහා සිදුකරන ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරන නතර කර දමා ඇත.

11890919_10153432356721259_775705802408209627_nකෙසේ වෙතත් මෙසේ නීති සෑදීම සඳහා වරම් ඉල්ලා සිටින දේශපාලඥයින්ගෙන් සමහරක් දැනට පවතින නීතියට ගරුකිරීමට නොදන්නා බව මහජනතාවට මේ වනවිටත් පසක් කරදෙමින් සිටිති. මෙසේ කටයුතු කරන පුද්ගලයන් අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ, උදය ගම්මන්පිල, විමල් වීරවංශ මෙන්ම වත්මන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ද සිටීම අවාසනාවන්ත කරුනකි.

මොවුන්ගෙන් මහින්ද, නාමල් සහ විජයදාස යන අය කිසිඳු ලැජ්ජාවකින් තොරව මුදල් ගෙවාම සිය දැන්වීම් ප්‍රචාරය කරමින් සිටිති.

තමන් ජනතාව වෙනුවෙන් නීති සෑදීමට බලාපොරොත්තු වන නමුත් තමන් එම නීතිය පිළිපැදීමට කිසිසේත්ම බලාපොරොත්තු නොවන බව ඔවුන් මේ වනවිටත් ජනතාවට පෙන්වා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *