ඡන්දය ප්රකාශ නොකර සිටීමෙන් අකමැතිම පුද්ගලයා පාර්ලිමේන්තු යාමේ වැඩි අවස්ථාවක් හිමිවන බව කැෆේ සංවිධානය පවසයි.මේ හේතුවෙන් ඡන්දය ප්රකාශ කිරීම අනිවාර්යයෙන් කළ යුතු බව එහි විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් සඳහන් කරයි.
ඔහු පෙන්වා දෙන්නේ මේ වනවිට මේ වනවිට මැතිවරණ ක්රියාදාමයේ සමස්ත බලය පොලිසිය සහ මැතිවරණ දෙපාර්තමේන්තුව අතට පත්වී ඇති බවයි. ඒ නිසා නිදහස් හා සාධාරණ වටපිටාවක් මැතිවරණ ක්රියාවලිය තුළ නිර්මාණය වී ඇති බවයි.මෙවර මැතිවරණ නිරීක්ෂණ කටයුතු පිළිබඳව අදහස් දක්වන කැෆේ විධායක අධ්යක්ෂ වරයා සඳහන් කළේ දිගු කාලීන නිරීක්ෂකයින් 340 දෙනෙක් මැතිවරණය ප්රකාශයට පත්කළ දිනයේ පටන් යොදවා තිබු බවයි.
නමුත් මැතිවරණය ආසන්න දිනය සහ මැතිවරණ දිනය වන හෙට සහ අනිද්දා දිනවල මැතිවරණ නිරීක්ෂනය සඳහා 9000 ක පිරිසක් යොදවන බවයි.තවද මැතිවරණ නිරීක්ෂණ ජංගම සේවා 400 ක් පමණ දිවයින පුරා යෙදවීමට නියමිත බවද කැෆේ විධායක අධයක්ෂ වරයා පෙන්වා දෙයි.
මැතිවරණය ප්රකාශයට පත්කළ දිනයේ සිට මේ දක්වා කැෆේ සංවිධානය වෙත සිදුවීම් 1682ක් පිළිබඳව තොරතුරු වාර්තා වී තිබේ. මින් සිදුවීම් 111 ක් ප්රචණ්ඩ ක්රියා වන අතර සිදුවීම් 1571 ක් මැතිවරණ නීති උල්ලංගනය කිරීම් වෙයි.