• Thu. Feb 2nd, 2023

maithripala

තව දින දෙකකින් එළැඹෙන මහ මැතිවරණය නිදහස් සාමකාමී සහ සාධාරණ මැතිවරණයක් ලෙස පැවැත්වීමට කැපවන බව ජනපති පවසයි.

මැතිවරණ කොමසාරිස්, පොලිස්පති ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන සියලු නිලධාරීන්ට නිදහසේ සහ ස්වාධීනව සිය වගකීම් ඉටුකිරීමට අවස්ථාව සලසා දෙන බව ද ජනාධිපතිතුමා පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ 2015 පාර්ලිමේන්තු මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණි යුරෝපා සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ නිරීක්ෂකයින් සමඟ ඊයේ (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකට එක්වෙමිනි.

මීට මාස 06 කට පෙර ‍තමා මුහුණ දුන් මැතිවරණය ඉදිරි මැතිවරණයට වඩා බොහෝ වෙනස් වූවක් බවත්, රාජ්‍ය බලය, රාජ්‍ය වත්කම් සහ මහා භාණ්ඩාගාරයේ වත්කම් සියල්ල තමාට එරෙහිව භාවිතා කරමින් රාජ්‍ය බලය සහ ප්‍රචණ්ඩත්වය උපරිමයෙන් යොදා ගැනීමට එම මැතිවරණයේදී කටයුතු කළ බවත් ජනාධිපතිතුමා මෙහිදී සිහිපත් කළේය.

කෙසේ වෙතත් මේ රටේ බුද්ධිමත් ජනතාව සිය වගකීම් ඉටුකරමින් තම ජයග්‍රහණය තහවුරු කළ බව පැවසූ ජනාධිපතිතුමා එම ගෙවී ගිය මාස 06 තුළ රටේ ජනතාව වෙනුවෙන් ද පැහැදිලි සේවාවක් ඉටු කිරීමට තමා ඇතුළු රජයට හැකි වූ බව ද ප්‍රකාශ කළේය.
02

Leave a Reply

Your email address will not be published. Required fields are marked *