මඩකලපුව දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේකෂක අමීර් අලි මහතාගේ ආධාරකරුවෙක් ඔඩ්ඩමාවඩි හුදාපල්ලි මාර්ගයේ යතුරු පැදියකින් යමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වී ඇති බව කැෆේ සංවිධානය පවසයි.
ඊයේ (15 ) දහවල් 12.10ට පමණ නාදුනන තුවක්කුකරුවකුගේ ප්‍රහාරයට ලක්ව මිය ගොස් ඇත්තේ ජේ.අමීන් නැමති එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකි.
ඝාතනය ලක්වූ පුද්ගලයාගේ කටට වෙඩි තබා ඝාතනය කර ඇත.
ඝාතනයට ලක්වූ ආධාකරු මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව තමන්ගේ මැතිවරණ ප්රචාරක කටයුතුවලට සම්බන්ධවී සිටි ක්‍රියාකාරිකයෙක් බවත් ඔහු ඝාතනය කිරීමට දේශපාලනයේ යෙදීම හැර වෙනත් පුද්ගලික හේතුවක් නොවූ බවද අපේක්ෂක අමීර් අලි මහතා සදහන් කරයි.
අමීර් අලිගේ ආධාරකරුවන් හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ආධාකරුවන් අතර කාලයක් තිස්සේ ඇදී එන ගැටුමක් පවතී. මීට වසර පහකට පෙරදී අමීර් අලිගේ ආධාරකරුවන් හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ආධාකරුවන් අතර ඇතිවූ ගැටුමින් එක් අයෙක් මිය ගියේය.
පිහි ඇනුමකින් මිය ගොස් තිබුණේ අමීර් අලිගේ ආධාකරුවෙකි.
මේ සම්බන්ධයෙන් පැවති අධිකරණ කටයුතුවලින් පසුව ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ අපෙක්ෂකයෙක්ට මරණ දඩුවම හිමිවිය. එහිදී අධිකරණය හමුවේ සාක්ෂි ලබාදී තිබුණේ ඊයේ ඝාතනයට ලක්වූ අමීර් අලිගේ ආධාරකරුය.
ඒ අනුව මේ වනවිට කැෆේ සංවිධානය වෙත වාර්තා වී ඇති සිදුවීම් සංඛ්‍යාව 1773 ක් වන අතර ඉන් සිදුවීම් 132ක් ප්රචණ්ඩ සිදුවීම් වෙයි. තවත් සිදුවීම් 1641 ක් මැතිවරණ නීති උල්ලංගනය කිරීම් ලෙස සටහන් වී ඇත.
2015 මහ මැතිවරණ ව්‍යාපාරය තුලදී මේ වනවිට් සිව් දෙනකු ඝාතනයට ලක්වී තිබේ.