• Sat. Jan 28th, 2023

Face Book තුළිනුත් මෛත්‍රී, මහින්ද පරදවයි.

BySandun

Aug 16, 2015

maithri facebook

පසුගිය මැතිවරණ සමය තුල වැඩිම වේගයකින් වර්ධනය වන දේශපාලන Face Book බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ Face Book පිටුව පත්ව තිබේ. එමෙන්ම මේ වනවිට වැඩිම පිරිසක් අනුගමනය කරන පිටුව බවටද මේ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පිටුව පත්ව තිබෙනවා.

කුරුණෑගල දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ  Face Book පිටුව මීට පෙර ශ්‍රී ලංකාවේ දේශපාලන Face Book පිටු අතර පළමු තැන රැඳී සිටීමට හැකිවී තිබුණා.

fb growing pageමේ අතර පසුගිය මැතිවරණ සමය තුල ශ්‍රී ලංකාවේ දේශපාලනයට සම්බන්ධ, වැඩිම වේගයකින් වර්ධනය වන දේශපාලන Face Book පිටු අතරින් පලමු ස්ථානයේ මෛත්‍රීපාල සිරිසේන මහතාත්, දෙවන ස්ථානයේ රවී කරුණානායක මහතාත්,තෙවැනි ස්ථානයේ පාඨලී චම්පික මහතාත්, සිව්වන ස්ථානයේ මහින්ද රාජපක්ෂ මහතාත්, පස්වන ස්ථානයේ රාජිත සේනාරත්න මහතාත් පසුවේ.

මේ තුලින් පෙනීයන්නේ ශ්‍රී-ලංකාව තුල ජීවත්වන සමාජ ජාල හා සම්බන්ධ වී සිටින තරුණ ප්‍රජාව තුල පසුගිය මහින්ද රාජපක්ෂ රජය විසින් පවත්වාගෙන ගිය පාලන ක්‍රමය සම්බන්ධයෙන් දැඩි ඇල්මැරුණු ස්වභාවයක් හා විවේචනයක් පවතින අතර සහ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හඳුන්වාදුන් යහපාලන සංකල්පය පිළිඹඳව දැඩි විශ්වාසයක් සහ උද්යෝගයක් පවතින බවත්,රාජපක්ෂ රජය දැඩි ලෙස විවේචනය කළ දේශපාලකයන් කෙරෙහි ශ්‍රී ලාංකාවේ සමාජ ජාලා පරිහරනය කරන අය දැඩි කැමැත්තක් පසුවන බවත්ය.fb rank

Leave a Reply

Your email address will not be published. Required fields are marked *